(රොමේෂ් මධුෂංඛ)

යාපනය මහාධිකරණ විනිසරු එම්. ඉලංචේලින් මහතාගේ ආරක්ෂකයින්ට වෙඩි තැබීමට විරෝධය පා අද (24) උතුරු පළාතේ සියලුම පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වීමට පියවර ගෙන ඇති බවට උතුරේ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

මෙසේ පෞද්ගලික බස් ධාවන කටයුතු වලින් ඉවත් වීම නිසා මගී ජනතාව අපහසුතාවයට පත්වු බව දකින්නට ලැබුණු අතර පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වුවද ලංගම බස් රථ ධාවන කටයුතු වල නිරත වූ අතර ලංගම බස් රථ මගීන්ගෙන් පිරීපවතිනු දැක ගත හැකිවිය.

සිද්ධියෙන් පොලිස් සැරයන්වරයකු මිය ගොස් තවත් කොස්තාපල්වරයකු තුවාල ලැබීමත් අදාල වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා තවමත් අත්අඩංගුවට  ගෙන නොමැති බවත් ඔවුහු පවසති.