කැරකස්හිදීය (ඒ.එෆ්.පී)
වෙනිසියුලාවේ තෙවැනි විශාලතම නගරය වන වැලෙන්සියා හි පිහිටි හමුදා කඳවුරකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ බව එරට බලධාරීහූ පවසති.
ප්‍රහාරය සාර්ථකව වැළැක්වූ බවත් ප්‍රහාරය සඳහා පැමිණි ත්‍රස්තවාදීන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට සමත්වූ බවත් වෙනිසියුලා සමාජවාදී පක්ෂයේ නායක දියෝස්ඩාඩෝ කැබෙලෝ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවැසීය.
වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝගේ ආණ්ඩුවට එරෙහිව හමුදා නැගීසිටීමක් වනු ඇතැයි ද එය වැලෙන්සියා හි පිහිටි හමුදා කඳවුරෙන් ආරම්භ වනු ඇතැයි ද එරට පුවත් සේවා හා සමාජ මාධ්‍යය ඔස්සේ වාර්තා වූ එම නමුත් එම වාර්තා තහවුරු නොවීය.
හමුදාවේ අණදෙන නිලධාරියකු බව සඳහන් කරමින් ඒ ආකාරයේ ඇඳුම් ඇඳගත් පුද්ගලයකු ආණ්ඩුව වෙනස් කළ යුතු බවත් නිදහස් මැතිවරණ පැවැත්විය යුතු බවත් පවසන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයේ ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව තිබිණි.
කෙසේ නමුත් කිසිවකුටත් හමුදාවට එරෙහිව ප්‍රහාර දියත් කළ නොහැකි බව වෙනිසියුලා හමුදාවේ ප්‍රධානී, ආරක්ෂක අමාත්‍ය ව්ලැදිමීර් පැද්‍රිනෝ පැවැසීය.
“ඔවුන් හමුදාවට ප්‍රහාර එල්ල කළා. එය අසාර්ථක වුණා. ඉන් පසු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළා. එයත් අසාර්ථකයි” යැයි ව්ලැදිමීර් පැද්‍රිනෝ කීය.
(055)


2025 දෙසැම්බර් මස 30
60
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වෙනිසියුලාවේ වැලෙන්සියා හමුදා කඳවුරට ත්‍රස්ත ප්‍රහාරයක්