IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වනාතවිල්ලුව ලැක්ටෝවත්ත නිවස රස පරීක්ෂකගේ පරීක්ෂාවට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ නිවසක්  තුළ කිසියම් පිරිසක් කළ රහසිගතව කැණිමක් සම්බන්ධව රජයේ රස පරික්ෂකවරයාගේ සහ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ පරීක්ෂණයක් අද (29) දින අරඹා තිබුණි.

වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත නිවසේ ඇතුළත  පොළවේ සිමෙන්ති තට්ටුව කිසියම් පිරිසක් දින කිපයකට පෙර කඩා එහි අඩි කිපයක් ගැඹුරට කැණීම් කරතිබීම සම්බන්ධව වනාතවිල්ලුව පොලිසිය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හා රජයේ රස පරීක්ෂකවරයා දැනුවත් කර තිබුණි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර රුෂාන් ප්‍රනාන්දු මහතා අද (29)  දහවල් අදාළ ස්ථානයට පැමිණ  පරීක්ෂණ ආරම්භ කර තිබුණි. අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ කණ්ඩායමක්ද මෙම පරීක්ෂණ සදහා එක්ව සිටියහ.
 
වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත තුළ විශාල  පුපුරණ ද්‍රව්‍ය තොගයක් මෙම වසරේ ජනවාරි 16 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ කණ්ඩායමක් සොයා ගෙන තිබු අතර එහිදි සැකකරුවන් සිව්දෙනෙකුද අත් අඩංගුවට ගෙන තිබුණි.
 
ඉන් පසුව අවස්ථා කිපයකදී මෙම ඉඩමේ තිබි ගිනි අවි සහ තවත් දෑ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව සොයා ගැනීමට සමත් වි තිබුණි.
 
මෙම ඉඩම තුළ පසුගිය කාලයේ රටේ දේවස්ථාන තුළ සිදුවු පිපිරීම් සම්බන්ධ යම් ක්‍රියාකාරකම් සිදුව ඇති බවට ආරක්ෂක අංශ මගීන් සනාථ කරගෙන ඇත.
 
එම පරීක්ෂණවලට අනුව නාඳුනන පිරිස කළ කැණිම් සම්බන්ධව දීර්ඝ නිරීක්ෂණයක් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ කණ්ඩායම අරඹා ඇත.
 
කෙසේ වෙතත් එම නිවස හා අවට පිළිබඳව රජයේ රස පරීක්ෂක වෙනුවෙන් පැමිණි නිලධාරීහු ද පරීක්ෂණයක් කර එහි තිබූ ඇතැම් සාම්පල ලබාගත්හ. මෙම අවස්ථාවට වනාතවිල්ලුව පොලිසියේ නිලධාරීන් සමග පුත්තලම මුලස්ථාන පොලිසියේ අපරාධ ස්ථාන නිලධාරීහු ද එක්ව සිටිති. 



අදහස් (2)

වනාතවිල්ලුව ලැක්ටෝවත්ත නිවස රස පරීක්ෂකගේ පරීක්ෂාවට

nalin Tuesday, 29 October 2019 10:31 AM

හංගපු දේවල් අරගෙන ගියමද විමර්ශනය කරන්නේ

:       0       12

sachith Tuesday, 29 October 2019 10:44 AM

ඔන්න අපේ රටේ පොලිසියේ තරම. මේවගේ දෙයක් (අඩුම ගානේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ) හොඳට හොයල බලන්න තිබ්බ. නිල සුනඛයෝ ගෙනවා නම් ගොඩක් දුරට හොයාගන්න තිබ්බා

:       0       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site