IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


වනජීවී නිලධාරීන්ගේ ප්‍රමාදය ගැනත් සොයයි

(තරිඳු ජයවර්ධන)
කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානයට පැමිණි ශ්‍රී ලංකාවේ පැන්තරා පාදුස් නම් කොටියා මරා දැමීමේ සිද්ධියට වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ප්‍රමාදය හේතුවීදැයි පරීක්ෂණ පවත්වන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.


කොටියා ගමට පැමිණි අවස්ථාවේදී ඒ ගැන පොලිසියට හා වනජීවී නිලධාරීන්ට දැනුම් දුන් බව ද වනජීවී නිලධාරීන් අවශ්‍ය උපකරණ ද රැගෙන පැමිණෙන විට පැය ගිහිපයක් ගත වී ඇතැයි ද ප්‍රදේශවාසීහු පවසති.


පොලිසිය ද එම ස්ථානයට ගොස් වනජීවී නිලධාරීන් කැඳවාගෙන ඒමට වනජීවී කාර්යාලයට ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.


මේ සම්බන්ධයෙන් විමසීමේ දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු ප්‍රකාශ කළේ දුර බැහැර වනජීවී කාර්යාලවලට අවශ්‍ය පහසුකම් ලබා දී නැති බවයි. බොහෝ වනජීවී කාර්යාලවලට ඇත්තේ එක් රියදුරකු පමණක් බවත්, ඔවුන් අසනීප වුවහොත් එම දිනවලට ගමන් බිමන් යෑමේ  අපහසුතා ඇති බවත් එම නිලධාරියා පැවසීය.

 



අදහස් (8)

වනජීවී නිලධාරීන්ගේ ප්‍රමාදය ගැනත් සොයයි

jayatissa Saturday, 23 June 2018 08:16 AM

දැන්නම් උත්තර බඳියි ඩයිවර්ලා හිටියේ නෑ .නැත්නම් අපි තත්පරෙන් එනවා . නපුරු සතෙක් ඇවිත් ළමයින්ව මිනිස්සුන්ව කන කොට කාටද බල ඉන්න පුළුවන්.මරපු විදිහ තමයි වටින්නේ නැත්තේ .සතත් අහිංසකයි. වන ජීවී අමතිතුමලත් අහිංසකයි.

:       0       1

sena Saturday, 23 June 2018 09:27 AM

නිලධාරී අඩුපාඩුකම් කියනවා... ගම්මු ආත්මාරක්ෂාවට කටයුතු කරනවා. අසරණ සත්තු විනාශ වෙනවා !!!

:       82       20

randunu Saturday, 23 June 2018 09:36 AM

ඔව් අන්තිමට වනජීවී එකට වැරැද්ද පටවන්න මරපු තිරිසන්නු ටික නිදහස් කරන්න. මේක කැකිල්ලේ රජ්ජුරුවෝ ඉන්න රටනේ... දකුණේ මිනිස්සු මෙහෙම කළානම් බලන්න තිබුණා මේ කැකිල්ලේ ආණ්ඩුව හැසිරෙන හැටි...

:       352       511

රත්නසේන Saturday, 23 June 2018 09:41 AM

මේ අහිංසක සතාට කරපු අපරාධයට බලපාන බොහෝ සමාජ හේතු තියෙනවා! එයින් මූලිකම දේ තමයි එම ප්‍රදේශයේ මිනිස්සුන්ගේ තිබෙන නූගත් බව - එම ප්‍රදේශය වසර 30 ක් ත්‍රස්තවාදී වැඩවලට ගොදුරු වූ ප්‍රදේශයකි. අනිත් එක තමයි රාජ්‍ය නිලධාරින්ගේ තිබෙන නොදැනුවත්කම (වනජීවි දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියෙකුට වනජීවි කළමණාකරණය පිළිබඳ නිසි ශාස්ත්‍රීය සහ තාක්ෂණික දැනුමක් නැත. ඔවුන්ට පුහුණුවක්ද ලබා දෙන්නේ නැත. වෘත්තිකයෙකුට තිබිය යුතු මුලික වෘත්තිය ගති ලක්ෂණ වන ආකල්ප, දැනුම සහ කුසලතා ඔවුන්ට නැත. අනෙත් අතට වෘත්තිය පහසුකම් නැත. නමුත් ඔවුන්ගේ ආකල්ප, තාක්ෂණ දැනුම දියුණු වී තිබිනි නම් මෙම අහිංසක සතාට මෙවන් ඉරණමක් හිමි වන්නේ නැත.

:       0       264

dinesh Saturday, 23 June 2018 02:22 PM

ඔයා කියපු කතාව හරි රන්දුනු... ඔය සිද්ධිය ලංකාවේ වෙන කොහේ හරි වුණානම් ඒ මිනිස්සු ඔක්කොම හිරේ. දෙමල අයගේ ඡන්ද අඩු වෙලා යන නිසා බයයි. තමන්ගේ බලය රැකගන්න මේ අය මුළුරටම හරි විකුණනවා. මේ ටික තේරෙන්නේ නැති අය තමා ඡන්දය දීලා පාර්ලිමේන්තු යවන්නේ. මේ ටික මිනිස්සුන්ට තේරෙන කොට පෙරහැර ගිහින් ඉවර වෙනවා.

:       73       158

td Saturday, 23 June 2018 03:22 PM

මාධ්‍ය වල පලකරන ලද පින්තූර සහ වීඩියෝ දර්ශන බැලීමේදී කොටියා හෝ දිවියා මැරීම සම්බන්ධව බොහෝ නිගමනවලට පැමිණිය හැකිය. කොටියා මරාදැමුණු පිරිසට වඩා වරද කර ඇත්තේ පොලිසිය සහ වන ජීවී නිලධාරීන්ය. පොලිසියට ගම්වාසීන්ව පලවා හැරීම නොකිරීමම පොලිසියේ නොහැකියාව මනාවට ඔප්පුකර තිබේ. කෙසේවෙතත් තිබෙන දර්ශන බැලීමේදී පෙනීයන්නේ මේ අවස්ථාවට සහභාගි වී තිබෙන්නේ තරුණ පිරිස්ය. ඔව්න්ගේ අධ්‍යාපන මට්ටම් සහ ජීවන රටාව සහ පරිසරය හොඳින් වටහා ගත යුතුයි. එම ප්‍රදේශවල සිටින විරැකියාවෙන් පෙලෙන් තරුණයන් ගැන සොයාබලා නිසි පුහුණුවක් ලබාදීම රජයට තිබෙන තවත් වගකීමකි. කිසියම් තාක්ෂණික පුහුණුවක් ලබාදී දේශීය හෝ විදේශීය රැකියාවන් සඳහා එම තරුණ කොටස් යොමුකළ යුතුය. රජය මේ සඳහා මූලිකව කටයුතු කළ යුතුය. දෙමළ ඡන්දවලින් පාර්ලිමේන්තුවට පත්වී කොළඹට වී සිටින දෙමළ දේශපාලකයන් ඔවුන්ගේ ගම් ප්‍රදේශවලට ගොස් තිබෙන ප්‍රශ්නවලට විසඳුම් දිය යුතුය. නොඑසේනම් යලිත් දරුණු අන්තවාදී කණ්ඩායම් ඇතිවීම නැවැත්විය නොහැක. එහි වගකීමත් දෙමල දේශපාලකයින්ම ගතයුතුයි.

:       0       3

lal Saturday, 23 June 2018 04:19 PM

"පැන්තරා පාදුස් නම් කොටියා" අයඩෙන්ටිටි කාඩ් එකත් අරන් ඇවිත් වගේ.

:       3       0

wije Saturday, 23 June 2018 04:21 PM

සිංහරාජේ අලි දෙන්නා ඉවත් කරන්න දෙන්නේ නැත්නම් ඉල්ලා අස්වෙනවා කියපු ඇමතිතුමාට ඔන්න දැන්නම් ඇත්තටම ඉල්ලා අස්වෙන්න පුළුවන් විදියේ හේතු කාරණා සිද්දවෙලා තියෙනවා.

:       0       37

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site