IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වනජීවී කාර්යාලය ඉදිරිපිටින් ගෙන ගිය දැව කඳන් පොලිසියෙන් අල්ලයි

(හිඟුරක්ගොඩ ඩබ්. ඒ පියතිලක)

සෝමාවතිය ජාතික උද්‍යානයේ පෙරියාරු ගඟ අසන්නයේ පිහිටි ගස් කිහිපයක් කපා ප්‍රවාහනය කරමින් සිටියදි (22) දින රාත්‍රියේ කපන ලද  දැව කඳන් සමග අත් ට්‍රැක්ටර්යක්  සහ එක් සැකකරුවෙකු සොමාවතිය වනජිවි කාර්යාලය අසලදී අත්අඩංගුවට ගත් බව පුලස්තිපුර පොලිසිය කියයි.

පුලස්තිපුර පොලිසියට ලබා දුන් තොරතුරකට අනුව මෙම වැටලිම සිදුකළ  බවත් තොරතුරු ලබා දුන් තැනැත්තා පවසා ඇත්තේ සොමාවතිය වනජිවි කාර්යාලය ඉදිරිපිට කිලෝමීටර භාගයක් පමණ දුරින් පස්වරු හතට පමණ ගස් කැපු බවත්, ඒ සඳහා වනජිවි  නිලධාරින්ගේ සහයෝගය ලැබෙන බැවින්  එම නිලධාරින් මෙම ජාවාරම් කරුවන් අත්අඩංගුවට නොගන්නා බැවින් වනජීවි කාර්යාලය ඉදිරිපිටින් දැව කඳන් සහිත ට්‍රැක්ටරය ගමන් කරන බැවින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස  තොරතුරුකරු දැනුම් දුන් බව පුලස්තිපුර පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියි.
ලැබුණු තොරතුරු මත පොලිස් නිලධාරින් උද්‍යානයේ සොමාවතිය පුදබිම මාර්ගයේ  සැඟවී සිටියදී වනජිවි කාර්යාලයට මීටර් සියක් පමණ දුරින්  උද්‍යානය තුල සිට ප්‍රධාන මාර්ගයට  අත්ට්‍රැක්ටරයක් පිවිසිමත් සමග පොලිසිය දැක එක් සැකකරුවෙක් පලා ගොස් තිබේ.  මෙම සැකකරුවන්  සුංගාවිල ප්‍රදේශයේ අය බව පොලිසිය  හඳුනාගෙන ඇත. ට්‍රැක්ටරය පදවාගෙන ආ තැනැත්තාගෙන් ප්‍රශ්න කිරිමේදී පවසා ඇත්තේ තමන් පඩියට වැඩ කරන බවත්, අයිතිකරු පැනගිය අතර මෙම ජාවාරම සිදු කරන පුද්ගලයා වනජිවි නිලධාරින්ට මුදල් ලබාදී  මෙය සිදුකළ බව අත්අඩංගුවට පත් පුද්ගලයා පවසා තිබේ.

ඔම අවස්ථාවෙි දැවකඳන් 04ක්  සහ අත්ට්‍රැක්ටරයක් එක් පුද්ගලයෙකු රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව උදැසන ගස් කැපූ බවට සැක කරන පෙරියාරු ගඟ අාසන්නයේ පරික්ෂා කිරිමේ කලක පටන් විශාල ගස් ප්‍රමාණයක් කපා විනාශ කර තිබූ අයුරු දැක ගත හැකි වු බව පොලිසිය පවසා සිටියි.



අදහස් (1)

වනජීවී කාර්යාලය ඉදිරිපිටින් ගෙන ගිය දැව කඳන් පොලිසියෙන් අල්ලයි

රවින් Sunday, 24 June 2018 02:29 AM

අන්න ගිහිල්ල ගස් බඳින්න සුදුසු අවස්ථාවක්. ඔය නිලදරියව එක තැනක දවස් හත බැගින් කැලේ තැන තැන දිගේලි කරලා එඅවට ගස් හිටවන්න දාන්න. ගස්වල වටිනාකම (වයස ) අනුව මාස හයක් හෝ අවුරුදක් විතර දඬුවම දුන්නම අනික් හොරු නිකම්ම හැදෙයි.

:       0       57

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site