IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විදුහල්පතිට වන්දි ගෙවන්න උතුරුමැද මහ ඇමැතිට නියෝග


( තිළිණි ද සිල්වා , රංජන් කටුගම්පොළ සහ මනෝප්‍රිය ගුණසේකර )


උතුරු මැද පළාත් මහ ඇමති පේෂල ජයරත්න මහතා විසින් අනුරාධපුර නිවන්තකචේතිය මහා විද්‍යාලයේ පැවති උත්සවයකදී තමන්ව බුලත් අතක් දී නොපිළිගැනීම නිසා එම විදුහල්පතිවරයාට බැන වැදී , තර්ජනය කර ස්ථාන මාරු කිරීමෙන් එම විදුහල්පතිවරයා ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වන්දි ලෙස රුපියල් ලක්ෂ දෙකහමාරක් එම විදුහල්පතිවරයාට ගෙවන ලෙසද අධිකරණය උතුරුමැද පළාත් මහ ඇමතිවරයාට අද (28) නියෝග කළේය.

රජයේ මුදලින් තවත් රුපියල් 50000 ක මුදලක් එම විදුහල්පතිවරයාට ගෙවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කළේය.

උතුරුමැද පළාත් මහ ඇමතිවරයා ගේ එම කක්‍රියාකලාපයට එරෙහිව නිවන්තකචේතිය විදුහලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ කරැණාරත්න බණ්ඩාර මහතා විසින් ගොනු කළ පෙත්සම් විභාගය අවසන් කරමින් අධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී.

එසේම මාරු කර යැවු නිවන්තකචේතිය විදුහලේ විදුහල්පතිවරයා මාස දෙකක් ඇතුළත යළි එම තනතුරේම පිහිටුවන ලෙසටද ශ්‍රේෂ්ඨාධිකරණය අදාල බලධාරීන්ට නියෝග කරන ලදී.

ඊවා වනසුන්දර , සිසිර ද ආබෘ සහ නලින් පෙරේරා යන ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
 



අදහස් (20)

විදුහල්පතිට වන්දි ගෙවන්න උතුරුමැද මහ ඇමැතිට නියෝග

විමලධම්ම හිමි Thursday, 28 June 2018 07:01 AM

අපේ විදුහල්පතිතුමාට සාධාරණය ඉටුකිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට ස්තුතියි.

:       0       33

lalithsjm Thursday, 28 June 2018 07:19 AM

ඇයි ඔය නීතිය අනිත් පළාත් වල ක්‍රියාත්මක නොවන්නේ?

:       0       31

සුරංග Thursday, 28 June 2018 07:29 AM

අපේ කාලයේ මෙහෙම දෙයක් උනේ නෑනෙ අපේ හාමුදුරුවනේ.....

:       17       9

පිටිගල මිලානෝ Thursday, 28 June 2018 07:34 AM

ඉස්සර වාගේ නෙවෙයි දැන් රටේ නීතිය දැනෙන්න ක්‍රියාත්මක වෙනවා. මතකනේ ඒ කාලේ?

:       39       8

Thilini Thursday, 28 June 2018 07:46 AM

නියමයි. ජය වේවා විදුහල්පතිතුමනි. ඔය වගේ දේශපාලුවන්ට ලක්ෂ දෙකහමාර මදි. ලක්ෂ 50 ක වත් දඩයක් ගහන්න ඕනෙ.

:       0       64

sumanapala Thursday, 28 June 2018 07:48 AM

ඉතා හොඳ දෙයක්.

:       0       11

dhammika Thursday, 28 June 2018 07:49 AM

මෙච්චර කල් කළා වගේ ඊළඟ ඡන්දේදීත් ඉහළම මනාපයෙන් මැති සබයට මෙයාව පත්කර යවන්න බුද්ධිමත් ඡන්ද දායකයනි.

:       0       8

sarath perth Thursday, 28 June 2018 07:50 AM

ඉතාමත්ම විශිෂ්ට තීන්දුවක්. මින්පසු කිසිම රජයේ විදුහල්පතිවරයෙක් දේශපාලකයින්ට බුලත්දී පිළිගත යුතුනොවේ. මට දැනෙන්නේ පුදුම සතුටක්. මේ අයට ඔවුන්ගේ තරම කියාදිය යුතුවේ.

:       0       46

Sriyal Thursday, 28 June 2018 08:24 AM

අධිකරණය මගින් මෙවැනි ආකාරයේ තීන්දු ලබා දීම විශිෂ්ඨ වේ. මෙනිසා දේශපාලන බලය සෑම දේ වෙනුවෙන් භාවිතා කිරීම වලකින අතර රටේ දියුණුව කෙරෙහි බලපායි.

:       0       12

Bimal Thursday, 28 June 2018 08:47 AM

මඩු වලිගෙන් ගහන්න ඕන මේ නුගත් චන්ඩි දේශපාලන ලොකු පුටුවල වාඩි කල ඡන්ද දායකයට. මතකනේ එක පාරක් නිලියක් තමන්ට මැඩම් නොකීවා කියලා උගත් ප්‍රාදේශීය ලේකම් වරියකට ගර්ජනා කලහැටි. කිසිම සංස්කෘතික ඉතිහාසයක් නැති දියුණු බටහිර රටවල අගමැතිලා බයිසිකල් වලින් බස් වලින් ගමන් යනකොට මෙන්න අපේ රටේ වෙන දේවල්. බුලත් අතක් ලැබිලා ගරු සරු ලබන්නත් තමන්ට ගරු කටයුතු තත්වයක් තිබේද කියලා මේ දේශපාලකයන් කල්පනා කළා නම් බොහොම හොඳයි.

:       0       29

එර්දි Thursday, 28 June 2018 09:13 AM

විදුහල්පතිවරයෙක්ගෙ අගයක් වටිනාකමක් නොදන්න උද්දච්ච අදබාලයො. තව කොහෙද ඇමතිවරයෙක් උනොත් දන ගහල වදින්න කියයි. රටේ මිනිස්සුන්ගෙ කරුමෙ මේ වගෙ පාලකයො පත්වෙන්නෙ.

:       0       29

rama Thursday, 28 June 2018 09:15 AM

හොඳ නඩු තීන්දුවක්, අපේ ප්‍රණාමය විනිසුරුට සහ විදුහල්පතිට.

:       0       30

kumar (Gulf) Thursday, 28 June 2018 09:24 AM

ජයවේවා ජයවේවා!

:       0       12

sanjeewa Thursday, 28 June 2018 09:28 AM

හොද පිළිතුරක් දීලා තියෙන්නේ ඔක්කොටොම ඇමතිවරුන්ට පෙන්න.

:       0       22

රොමේෂ් Thursday, 28 June 2018 09:44 AM

මේ වගේ දේශපාලකයන්ට තියෙන්නේ පුහු උද්දච්චකම විතරයි.

:       0       15

Bamunuarachchi Thursday, 28 June 2018 09:45 AM

දේශපාලුවන්ව බුලත්අතක් දීලා පිළිගන්න? ඒ කාලේ ගිහිල්ලා බොහොම කල්. නම්බුව සැලකිල්ල ඉල්ලලා ගන්න බැරිය.

:       0       20

KANDEPOLA Thursday, 28 June 2018 09:55 AM

මෙහෙම් අය පාලනය කරන රටකනේ අපිත් ඉපදුනේ.

:       0       13

Hafeel Thursday, 28 June 2018 10:41 AM

මෙම විදුහල්පතිතුමාගේ මේ කටයුත්ත පිළිබඳව ආඩම්බර වෙන්නොන. මේක අනිකුත් රජයේ නිලධාරීන්ට හොඳ ආදර්ශයක් සහ දේශපාලකයන්ට හොඳ පාඩමක්.

:       0       40

senaka Thursday, 28 June 2018 10:41 AM

රජයේ සේවකයන්ට තර්ජනය කරන මෙවැනි අය තනතුරු වලින් පන්නා දැමීම පක්ෂ නායකයන්ගේ වගකීමයි.

:       0       20

kalani Friday, 29 June 2018 10:04 AM

දේශපාලකයාට ඉහලින් දිසාපාමොක්‍ පරපුර ,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site