(ටී.කේ.ජී.කපිල)
නීති වීරෝධීව ශ්‍රී ලංකාවට ගෙන එමින් තිබූ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් අද (6) කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා පවසයි.
ඔහු රැගෙන ආ ගමන් මල්ල ගුවන් තොටුපොළ රේගුව විසින් ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමේ දී , මෙම දුම්වැටි තොගය සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබුණි .
" ටොප් මවුන්ට් " වර්ගයට අයත් දුම්වැටි කාටූන් 50 ක් එහි තිබූ අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 5 ක් බව රේගුව පවසයි .
මෙම දුම්වැටි තොගය රාජසන්තක කළ අතර ,මේවා නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට ගෙන ආ පුද්ගලයාට රුපියල් 50,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd