( තිලිණි ද සිල්වා )
විදේශ රැකියාවල නිරත වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ඉදිරි සුබසාධන කටයුතු සැලසුම් කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තොරතුරු සංඝණනයක් ආරම්භ කර තිබේ.
මෙම තොරතුරු යාවත්කාලීන කිරීමේ අරමුණ වන්නේ විගමණික ශ්‍රමිකයන්ගේ සුබසාධන කටයුතු හා ඔවුන් වෙනුවෙන් ඉදිරියේදී සිදු කිරීමට බලාපොරෝත්තු වන සියලු කටයුතු ක්‍රමවත් කිරීම බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියේ ඇති අයදුම්පත මාර්ගගත ක්‍රමයෙන් පුරවා යොමු කරන ලෙස විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටී.
එම තොරතුරු වෙනත් කාර්යයන් සඳහා යොදා නොගන්නා බවත් තොරතුරුවල රහස්‍යභාවය සුරකින බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගැනීම සඳහා “011-2866002“ දුරකථන අංකය ඔස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තොරතුරු තාක්ෂණ අංශය අමතන ලෙස ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාට තමයි ගොන් පාට් කියන්නේ අපේ රටෙන් පිටරටට වැඩියෙන්ම ඉන්නේ ගෘහසේවිකාවෝ...!! ඉතින් ඒ අයට පුළුවන්ද ඔය කියන සයිට් එකට ගිහින් ෆෝම් පුරවන්න. හැමදාම අපි එනකොට අර කට්ටියක් රැකගෙන ඉඳලා සල්ලි කඩාගන්නේ ඒ ගොල්ලෝ ගාව ඔය කියන තොරතුරු නැද්ද?
මෙච්චර දවස් හිටියත් මැරුණද කියලා බැලුවෙත් නෑ. ඡන්දයක් ආවම ඩ්‍රාමා....
මොකක්ද මෙතුවක් කල් විදේශ ශ්‍රමිකයින්ට කරලා තියන මහා ලොකු සුබසාධනය? රක්ෂණයෙන් ගසා කන මුදල් මදිවෙලාද? හැමදාම කලේ ඒ අහිංසකයින්ගේ මුදල් සූරා කාපු එකනේ.. දැන්වත් ඒ අසරණ මිනිස්සුන්ට ඔවුන්ගේ දුක් මහන්සියෙන් කීයක් හරි හම්බකරගෙන සැනසීමෙන් ඉන්න දීපල්ලා නරුම පාලකයිනේ... පව් ඒ නූගත් විදේශගත අසරණ ජනතාව, රැවටෙයි මේ තක්කඩිකම් වලට...
රක්ෂණයට කියලා 17500 බැගින් රට යනකොට ගුවන්තොටුපළේදී කඩාගත්තාට විපතක් වුණාම කවුරුවත් නැහැ.
දෙන්නද? ගන්නද? මේ උප්පරවැට්ටිය...?
හා හා බනින්න එපා... ජනතාව පත්කරගත් ආණ්ඩුවනේ...
අර යූ ටියුබ් එකේ රටවිරුවන් කියන දේවල් දැක්කාම දුක හිතෙනවා.