( තිළිණි ද සිල්වා )
මෙරට නිල සංචාරයක් සඳහා විදේශීය ණය සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතවරයා වන ජුවාන් පැබ්ලෝ බොලොස්කි මහතා ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව ඔහු මෙරටට පැමිණෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සඳහන් කර සිටී.
ඒ අනුව විදේශීය ණය සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතජුවාන් පැබ්ලෝ බොලොස්කි මහතා ලබන 03 වැනිදා සිට 11 වැනිදා දක්වා මෙරට රැුදී සිටීමට නියමිතව තිබේ.
සිය ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජුවාන් පැබ්ලෝ මහතා පැවසූයේ මෙරට විදේශීය ණය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් මූලික අධ්‍යනයක් කිරීමේ අරමුණනේ මෙම සංචාරය සිදු කරන බවයි.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය, ඊට අදාළ ප‍්‍රතිපත්ති, මානව අයිතිවාසිකම් පූර්ණ ලෙස භුක්ති විදීම මෙම සංචාරය තුළදී ඔහු විසින් අධ්‍යනය කිරීමට නියමිත අතර ඒ සඳහා මෙරට රජයේ නිළධාරීන්, සිවිල් සමාජ නියෝජිතයින්, රාජ්‍යතාන්ත‍්‍රිකයින් සහ අනෙකුත් පාර්ශවකරුවන් සමග එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි ජුවාන් පැබ්ලෝ මහතා කියා සිටී.
ඔහු විසින් සිය සංචාරය පිළිබදව සැප්තැම්බර් 11 වන දින කොළඹ දී විශේෂ මාධ්යා හමුවක් ද පැවැත්වීමට නියමිතව තිබේ.
පැබ්ලෝ මහතා සිය ශ්‍රී ලංකා සංචාරය පිළීබඳව ලබන වසරේ මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට ද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd