( පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වා විදුලි දුම්රිය ධාවනය කරවීමට සැලසුම් කර ඇති බැවින් දුම්රිය මාර්ගය හරහා පවතින පාලම් තවත් අඩි කිහිපයක් උසින් යුතුව ඉදිකරන්නට නියමිත බව මීරිගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ‍්‍රවණාගාරයේ පැවති සම්බන්ධීකරණ රැස්වීමේදී අනාවරණය විය.
කතානායක කරු ජයසූරිය මහතාගේ මෙහෙයවීම මත මීරිගම නගර සංවර්ධනය යටතේ ඉදි කෙරෙන මහජන චතුරස‍්‍රය ආසන්නයේ දුම්රිය මාර්ගය හරහා පාලමේ උස වැඩ කළ යුතුව තිබේ. එම පාලම වැඩි උසකින් යුතුව ඉදි කිරීමෙන් මගීන්ට වැඩි පඩි ප‍්‍රමාණයක් නගින්නට හා බසින්නට සිදුවනු ඇතැයිද එමෙන්ම මහජන මුදල් විනාශයක් වී ඇතැයි ද සමාජ ශාලා වෙබ් අඩවිවල කතාබහට ලක්වී තිබිණ. ඒ සම්බන්ධයෙන් සාකාච්ඡා කළ අවස්ථාවේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මේ බව අනාවරණය කළහ.
සාමාන්‍ය දුම්රිය පාලමක ඇත්තේ පඩි 26 ක් වුවත් මෙම නව පාලමේ පඩි 39 ක් ඇති බැවින් එයින් වයෝවෘද්ධ පුද්ගලයන් පවා මහත් අසීරුතාවයකට ලක් වනු ඇතැයි ද එම පුවත්වල සඳහන් වී තිබූ බව එහිදි කියැවිණි.
වසර 2020 දී පමණ පළමු අදියර යටතේ විදුලි දුම්රිය වේයන්ගොඩ දක්වා ආරම්භ කෙරෙන අතර අනතුරුව එය පොල්ගහවෙල දක්වා දීර්ඝ කිරීමට නියමිතය. එහිදී අවශ්‍ය කෙරෙන කේබල් පද්ධතිය ඇදීම සදහා අවශ්‍ය කෙරෙන උසින් යුතුව නව දුම්රිය පාලම් ඉදි කෙරන අතර මේ වනවිට ගණේමුල්ල හා මරදාන නව පාලම්ද ඒ අනුව ඉදිකර ඇතැයි දුම්රිය බලධාරිහු මෙහිදී පැවසූහ. පැරණි දුමිරිය මගී පාලම් ඉදිරියේදී නව ප‍්‍රමිතිය අනුව වෙනස් කිරීමට නියමිත බව කියැවිණි.

(මීරිගම දූම්රිය ස්ථානයේ නව මගී පාලම)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසින් වැඩි ගුවන් පාලම් සාදනවා වෙනුවට... දුම්රිය මාර්ග යටින් උමං මාර්ග හදන්න බැරිද? මා පදිංචි මෙරටේ බොහෝ දුම්රිය ස්ථානවල මගීන් සඳහා උමං මාර්ග තිබේ. මෙහේ ද්විත්ව මාර්ග වල දුම්රිය ධාවනය වන්නේ විදුලි බලයෙන් නිසා මහජනයා සඳහා ගුවන් පාලම් ප්‍රයෝගික නැත.
හයිබ්‍රිඩ් දුම්රියක් බදුල්ලේ ඉඳන් පල්ලමේ එද්දී බැටරිය චාර්ජ් වෙලා උතුරලා යාවි නේද? තව දුරටත් හිතනවා නම් පවර් සේවින්ග් ගැන ඉඟියක් දුන්නේ... කල්පනා කරලා හොඳ දෙයක් කරන්න.
විදුලිය සැපයුම,... ඉතාම අවිශ්වාස තත්වයක තියන ශ්‍රී ලංකාව වගේ රටක ඒ ප්‍රශ්නය විසඳලා විදුලි දුම්රිය ගැන කටයුතු කළොත් කාටත් යහපත්.... එහෙම නැත්නම් සිදු වෙන්නේ විදුලි දුම්රිය මග නතර වුණාම දුර යන ඩීසල් දුම්රියටත් යන්න බැරි වෙන එකයි...
හොඳ වැඩක් ඒත් ඉක්මන් කරන්න...
වැඩේනම් හොඳයි. විදුලි දුම්රිය ලංකාවට හඳුන්වා දීම.. නමුත් මීට ස්ථාවරව පවතින විද්‍යුත් පද්ධතියක් අවශ්‍යයි. එහෙම තත්වයක් අපේ ලංකාවේ නොමැති බව මම දනිමි.. එහෙම නැත්නම් වෙන්නේ නිකරුණේ මුදල් නාස්තියක්.. නිසි කලමනාකරණයකින් පටන් ගත්තොත් හොඳයි... නැත්නම් වෙන්නේ ගහපු බෙරයකුත් නැහැ. බෙරේ පළුවකුත් නැහැ කියන එක තමයි.