(රංජන් කස්තුරි)

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ අස්ථි කොටස් අස්ථානගතවීම සම්බන්ධයෙන් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා වරදකරුවකු වන බවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීන්දු කර ඇත.

ඒ අනුව ඔහුගේ වෛද්‍ය බලපත්‍රය මාස 6කට තහනම් කිරීමට ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීන්දු කර තිබේ.

වෛද්‍ය සභාව සිදුකළ දීර්ඝ විභාගයකින් පසුව මෙම තීන්දුවට එළැඹී තිබේ.