(සිරාජ් හසීම්)
සමූහ දූෂණයට ලක්කර මරා දැමූ යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනයේ පරීක්ෂණවලින් 98%ක්ම මේ වනවිට අවසන්ව ඇති බවත් මෙම නඩුවේ සැකකරුවන්ගේ බිරින්දෑවරුන් සහ පවුල්වල පිරිස් ගැට කපන්නන්ට හසු නොවන ලෙසත් කයිඩ්ස් මහේස්ත්‍රාත් මොහොම්ඩ් රියාල් මහතා සඳහන් කළේය.
සැකකරුවන් 12දෙනා ලබන 5 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරමින් මහේස්ත්‍රාත් තවදුරටත් සදහන් කලේ මෙම නඩුවේ සැකකරුවන්ගේ පවුල්වල පිරිස් අධිකරණය වෙත නොපැමිනීම වඩා උචිත බවයි.
මෙම නඩුවේ 12 වැනි සැකකරු අසනීප තත්වයක් මත රෝහල් ගත කලද නිසි ප්‍රතිකාර ලැබීමටත් පෙර අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන බවටද අනාවරණය විය.
තම නිර්දෝශීභාවය සනාථ කරමින් මහේස්ත්‍රාත් වෙත යොමුකළ තම ලිපියට මෙතෙක් පිළිතුරු නොලැබුණු බව කී ඝාතනයේ සැකකරුවෙකු වන මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් විසින් අධිකරණයේදී විමසූ පැනයට පිළිතුරු දෙමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ සැකකරුවන්ට මහේස්ත්‍රාත්වරුන් වෙත ලිපි යැවීම තහනම් බවයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විද්‍යා ඝාතන නඩුවේ සැකකරුවන් යළි රිමාන්ඩ්