(සිරාජ් හසීම් සහ රොමේෂ් මධුෂංක ඡායාරූප-එස් ප්‍රදීපන්)
සමූහ දූෂනයට ලක්කර මරා දැමු යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතන නඩුව යාපනය මහාධිකරණයේ විභාග කරන ලෙසට සහ පොලිස් වෙඩි පහරින් මිය ගිය යාපන සරසවියේ සිසුන් දෙදෙනාට නීතියෙන් සාධාරණයක් ඉටු කරන ලෙසට බලකරමින් යාපනය විශ්ව විද්‍යාල සිසූහු එම සරසවිය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
විද්‍යා ඝාතන නඩුව කොළඹ මහාධිකරණයේ විභාගයට ගැනීමට සැලසුම් කර තිබීම හා ඝාතනයට ලක්වූ යාපනය සරසවියේ නඩරාජා කජන් සහ විජයකුමාර් සුලක්ෂන් යන සිසුන් දෙදෙනාගේ මරණයන් සම්බන්ධයෙන් පරීක්ෂණ මන්දගාමීව සිදුවීම යන හේතුන් මත මෙම විරෝධතාව සිදුකෙරිණි
මෙම ඉල්ලීම් දෙක සම්බන්ධයෙන් දින 30ක් ඇතුළත රජය ප්‍රතිචාර දැක්විය යුතු බවටද විරෝධතාකරුවෝ බල කර සිටියහ.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිරිසක් ද මේ සඳහා සහභාගී වූහ.




COMMENTS