(නිමල කොඩිතුවක්කු)
පුද්ගලයන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ වාද්දුව වෙරළ සාදය පිටුපස ප‍්‍රබල දේශපාලන හස්තයක් ක‍්‍රියාත්මක බවත් එහි බලපෑම මත මෙතෙක් කිසිදු සංවිධායකයකු අත්අඩංගුවට ගෙන නොමැති බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා කොළඹදී අද (7) පැවසීය.
මෙම වෙරළ සාදයට සම්බන්ධ දේශපාළඥයන්, සංවිධායකයන්, පොලිස් නිළධාරීන් ඇතුළු සියලූම දෙනාට එරෙහිව වහාම නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.
‘‘වාද්දුව වෙරළ ආශ‍්‍රිතව පිහිටි සංචාරක හෝටලයක පසුගිය 4 වැනි දා පැවති සාදයකදී විෂ මත්ද්‍රවය භාවිතා කළ තරුණයන් සිව් දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව සිටිනවා.
මේ සාදය සංවිධානය කරලා තියෙන්නේ අමිල පුෂ්පකුමාර සහ හර්ෂණ එරන්ද කියන පුද්ගලයන් දෙදෙනෙකු විසින්. ස්කයි ඇඩ්වටයිසින් සහ හෙවන් ගේට්ස් කියන ආයතන දෙකක් මගින් තමයි මෙම සාදය සංවිධානය කරලා තියෙන්නේ.
මේ සඳහා තරුණයන් දෙදහසකට ආසන්න පිරිසක් සහභාගි වෙලා තියෙනවා. තරුණයන් සිව් දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව සිටිනවා. මේ මියගිය පුද්ගලයන් සිව් දෙනාගේම ශරීරයට විෂ ඇතුළු වී සියලූම පද්ධති අක‍්‍රිය බාවයට පත්විමෙන් මියගොස් ඇති බවට වෛද්‍යවරුන් සනාථ කරලා තියෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න දැන් අවස්ථාව තියෙනවා පොලිසියේ නිර්භීත බව පෙන්නන්න.
අද විතරක් නොවෙයිනේ. කවදත් බලවත් හස්තනේ මේ රටේ ක්‍රියාත්මක වුනේ. මේ ළමයාගේ වයස කීයද? තවම අවුරුදු 3 ක් නැතිව ඇති මයේ හිතේ!
මේ අය හැම එකටම හොට දානවා. මේ වගේ අය දකුණු ආසියාවේ හැරෙන්නට ලෝකේ කොහෙවත් නැත.
වැරදි කරන අය කවුද කියලා හරියට කියන්න. රටේ ජනතාව ඒවා දැනගන්න ඕනා
ඔබගේ ප්‍රකාශයේ යම් සත්‍යක් ගැබ්වී ඇතිබවට ලංකාවේ පමණක් නොව පිටරටවල ප්‍රසිද්ධ මාතෘකාවක්. වෙරළ සාදයක් කිව්වට මේක තවමත් වැඩ නිමවී නොමැති පාළු ගබඩාවක් වැනි තැනක්. නීතීය හරියට ක්‍රියාත්මක නොවන අති දුෂිත රටකවත් මෙවැනි අයට එරෙහිව දඬුවම් ක්ෂණිකව ක්‍රියාත්මක කරනු ඇත.
හාල්කැලි වෙන්වට ඔන්න එල්ලුම්ගහට යවන්න සිරා පොරක් සෙට් වෙලා ඉන්නවා. අර නීතිය නවන මහත්තයට වැඩ පෙන්වන්න වෙලාව.
මා සේවය කරන අායතනයෙත් කිහිප දෙනෙක් මීට සහභාගි වී තිබෙනවා. ඔවුන් පවසනවා විවිද වර්ගයේ මත්පෙති, මත් ලොලිපොප්,මත් චුවින්ගම් මං හිතන්නේ ලංකාවේ තිබෙන සියලු මත් වෙන දේවල් තිබිලා තියනවා. නන්නාදුන පුද්ගලයින් නර්ථනයේ යෙදෙන ගමන් මත් පෙති කටට දමා යනවලු. මොවුන් මෙම සාද වලින් ලාබයටත් වඩා මත් පෙති ගැනුම්කරුවන් වැඩි කරගැනීමට අදහස් කරනවා. මේ තමා ජාතියක රටක විනාශයේ ලක්ෂණ. මේවට සහභාගි වන්නන් වැදගත් උගත් බුද්ධිමතුන් ලෙස සලකන්න බෑ. අප අායතන සේවය කරන මීට සහභාගි වූවන්ද කම්කරු නීති නිසා සේවය කරනනේ නැත්තම් මෙලහකටත් දොට්ට දමලා.
මං හිතනවා තව දෙතුන් සීයක් මෙතනින් මැරෙන්න තිබුනේ. මොකද එතකොට අනික් අය පාඩමක් ඉගෙන ගනී.පාලකයන්ගේ, දෙමාපියන්ගේ.සමාජයේ අැස් අැරලා බලයි මොකද මේ රටට වෙන්නේ කියලා.මේකට සහභාගි වුවන්ගේ එතන කල් කිරියාව මට මිතුරෙක් පෙන්නුවා. මට හිතුනේ මෙවන් දරුවන් ලද දෙමාපියන්.මෙවන් තරණයෙක් විවාහ කරගන්නා තරුණියක්.මෙවන් තරුණියක් විවාහ කරගන්නා තරුණයෙක්.ඔවුන්ට දාව උපදින දරුවෙක් අැත්තෙන්ම පව්. එ් නිසා මකබෑවෙද්දෙන්
ප්‍රබල දේසපාලන හස්තය මොකක්ද කියල නොකියන්නේ බයද?
මේ දේශපාලකයින් මේ රටේ සෑම වටිනා දෙයක්ම සෑම වටිනාකමක්ම විනාශ කරනවා. මේ රට බේරා ගන්න සැබෑ නායකයෙක් ඉක්මනින්ම බිහි නොවුනොත් රට සුනේ සුං...