ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරීවරයා ලෙස වසර 12ක කාලයක් කටයුතු කළ අනිල් පරාක‍්‍රම සමරසේකර මහතා මෙම මස 31 වැනිදා සිට විශ‍්‍රාම ගැනීමට නියමිතය.
සමරසේකර මහතාට සමුදීමේ විශේෂ විවාදයක් මැතිසබේදී අද (24) පස්වරුවේ පැවැත්විණි.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල, ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන, දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් මන්ත‍්‍රී මාවෙයි සේනාධිරාජා, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු සමරසේකර මහතාගේ සේවය අගය කරමින් හා ඔහුගේ අනාගත විශ‍්‍රාම දිවියට සුබ පතමින් මෙම විවාදයේදී අදහස් දැක්වූහ.
එමෙන්ම මැති ඇමතිවරුන් සමරසේකර මහතා අසලට ගොස් ඔහුට සුබ පතන අයුරු ද දක්නට ලැබිණි.
නාවික හමුදාවේ අධිකාරී ලත් නිලධාරියෙකු ලෙස ද කටයුතු කර ඇති ඒ මහතා 1996 දී පාර්ලිමේන්තුවේ සහකාර වේත‍්‍රධාරීවරයෙකු ලෙස සේවයට එක්ව තිබේ.
සහකාර වේත‍්‍රධාරීවරයෙකු ලෙස මෙන්ම නියෝජ්‍ය වේත‍්‍රධාරීවරයෙකු ලෙස ද වසර පහ බැගින් සේවය කර ඇති සමරසේකර මහතාගේ පාර්ලිමේන්තු සේවා කාලය වසර 22කි. ඔහු හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ සේනපාල සමරසේකර මහතාගේ පුත‍්‍රයෙකි.
දැනට නියෝජ්‍ය වේත‍්‍රධාරී ලෙස කටයුතු කරන නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා නව වේත‍්‍රධාරීවරයා ලෙස වැඩ භාරගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද වේත්‍රධාරියා කියන්නේ? එයා මොකද්ද කරන්නේ?
වේත්රධාරී කියන්නේ, වේත්‍රය දරන්නා. වේත්‍රය කියන්නේ ඇඳුම. එතකොට බැලුවම නම හරි. මොකද වේත්‍රධාරී තුමා වෙන්න ඇති ඔය පාර්ලිමේන්තුවේ ඇඳුම් ඇඳලා ඉන්න එකම තැනැත්තා. ඕකේ ඉන්න අනික් 225න් බහුතරය නිතරම හෝ ඉඳහිට හෝ වේත්‍ර නැති විදිහටනේ වැඩ කරන්නේ. රවීන්ද්‍රගේ කතාව හරි....