(නිමල කොඩිතුවක්කු)

තෙල් අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය අනු කමිටුවේ වාර්තාව ප‍්‍රතික්ෂේප කරන බවත් එම නිර්දේශ මත තෙල් අර්බුදයකට විසදුම් නොලැබෙන බවත් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී. ජේ. රාජකරුණා මහතා අද (17) පැවසීය.

වත්මන් රජය තෙල් අර්බුදයට කඩිනම් ක‍්‍රියාමාර්ගයක් නොගතහොත්  ඕනෑම අවස්ථාවක රට තුළ යළි තෙල් හිඟයක් ඇති විය හැකි බවද ඒ මහතා කීවේය. 

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව බොරුල්ල එන් එම් පෙරේරා කේන්ද්‍රයේ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.