අමල් වික්‍රමරත්න
ජීව අත් බෝම්බ රැගෙන හෙල්මට්, ජැකට් පැළද,අත්වැසුම් සහිතව බැංකුව තුලට පැමිණ ඇති කොල්ලකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් බැංකු කළමනාකාරවරියගේ කෙස්වැටියෙන් අල්ලා ගන්නවාත් සමඟම බැංකුවේ ආරක්‍ෂිත නලා නාදවීම නිසා කොල්ලය වැරදුනු බව පොලිසිය පවසයි.
අසන්නයේ ඇති අහංගම පොලීසියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණීමට පෙර එක් කොල්ලකරුවකු අඩපන කිරීමට බැංකුවේ එක ආරක්ෂකයෙකු සමත්වී තිබෙන බව පොලීසිය පැවසීය.
කොල්ලයට පැමිණි පුද්ගලයා අත ජීව අත් බෝම්බයක් තිබියදීත් තම ජීවිතය පරදුවට තබමින් බැංකු ආරක්ෂකයා කොල්ලකරුට තම අත තිබූ තුවක්කුවකින් උණ්ඩ 6ක් තබා ඇත. එම තුවක්කුව වරකට එක බැගින් උණ්ඩ දැමිය හැකි ගිණි අවියකි . ආරක්ෂකයා කොල්ලකරු මීටර් 150ක් පමණ දුරට යනතෙක් කොල්ලකරුගේ ජීවිතයටද හානියක් නොකර අල්ලා ගැනීම අගය කලයුතු බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
කොල්ලකරු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි අහංගම පොලීසිය කියයි.තුවාලකරුගේ තත්ත්වය බරපතල නැති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
2025 දෙසැම්බර් මස 18
250
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙඩි කෑ කොල්ලකරුට බරපතල නැහැ
රවින් Tuesday, 19 December 2017 02:15 PM
නීතියට අපගේ ප්‍රණාමය.