(රංජන් කස්තුරි)
මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවුණු අතර එම මිල සංශෝධනය කිසිසේත් වෙනස් නොවන බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
සෑම මාස දෙකකටම වරක් ඉන්ධන මිල සංශෝධනය කෙරෙන අතර එම තීන්දුව ගනු ලබන්නේ කැබිනට් මණ්ඩලය අනුමත කරන ලද කමිටුවකින් බවද එම කමිටුවට ඛනිජ තෙල් සංස්ථාවේ ලේකම්වරයාගේ නියෝජිතයෙකු , මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් හා මහා භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු අයත්වන බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.
කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත පත් කෙරෙනු එම කමිටුව සෑම මාස දෙකකට පසුව එළඹෙන 5 වැනිදින ඉන්ධන මිල සංශෝධනය කරන අතර ලෝක වෙළඳපළේ ඛනිජ තෙල් මිලහි අඩුවැඩිවීම් මත දේශීය ඉන්ධන මිල තීරණය වන බවද මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
COMMENTS
මගේ ඔලුව ටිකක් මඤ්ඤං මඤ්ඤං වගේ දැනෙනවා. බල්ලා නගුට වනනවාද? නගුට බල්ලා වනනවාද?
අනේ විහිලුවක් නොවී ඉන්නකෝ!
කරුණාකර ඔය හැදුවා කියන මිල සුත්‍රය ප්‍රසිද්ධ කරන්න බැරිද?
මුදල් අමාත්‍යාංශයේ තෙල් මිල සූත්‍රය වැඩ කරන්නේ අයි.ඕ.සී ගහන බෙර පදේට වගේ...
ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩුවෙන විට, උතුම් ශ්‍රී ලංකාවේ තෙල් මිල ඉහලට. කියන්නේ උගතුන් ඉන්න රටක් කියලයි.
වම් අත කරන දෙයක් දකුණු අත දන්නේ නැහැ. රට ඉවරයි
ලෝක තෙල් මිල ඉහල යනවා. එතකොට කොහොමද ගෑස් මිල පහල යන්නේ? හොඳ වෙලාවට ඒකට මිල සුත්‍රයක් නැත්තේ!