( තිළිණි ද සිල්වා )

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.සිසිර ද ආබෲ මහතා වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ජනාධිපතිවරයා විසින් අද (11) පත් කරනු ලැබ ඇත.

අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප් මහතා දිවයිනෙන්  බැහැරවීම නිසා මෙම පත් කිරීම සිදු කර ඇත.

වැඩබලන අගවිනිසුරු ලෙසින්  පත්වීම් ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.සිසිර ද ආබෲ මහතා ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී  ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මේ අතර මෙහිදී වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.නවාස් මහතාද ජනාධිපතිවරයා හමුවේ දිවුරුම් දෙනු ලැබීය.

මෙම අවස්ථාවට වැඩබලන ජනාධිපති ලේකම් සුමිත් අබේසිංහ මහතාද සහභාගී වූයේය.