නීතිය,සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සහ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එම අමාත්‍යධුරවලින් ඉවත් කරන ලෙස ගම්පහ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා ජනපතිගෙන් ඉල්ලා තිබේ.
දූෂණ හා වංචා කළ පුද්ගලයින්ට දඬුවම් ලබාදෙන බවට පොරොන්දු වී බලයට පැමිණි මෙම ආණ්ඩුවේ එම අමාත්‍යවරුන් දෙදෙනා පසුගිය වසර දෙක හමාර තුළ ජනතා අපේක්ෂාවන් ඉටුකිරීමට අසමත් වී ඇති නිසා මෙම ඉල්ලීම කර ඇතැයි කියැවේ.
“පසුගිය රජය සමයේ සිදුවූ බව කියන දූෂණ හා වංචා සම්බන්ධයෙන් විමර්ශන 82ක් සම්බන්ධයෙන් වාර්තා වුණත් මේ වන තෙක් කිසිදු විමර්ශනයක් නිසි ලෙස අවසන් කර නැහැ.“ඒ මහතා පැවසීය.
මෙය මහජනතාවගේ විශ්වාසය නැති වීමට හේතුවී ඇති නිසා සේනාරත්න මහතා සිවිල් සංවිධාන කිහිපයක් සමග මෙලෙස ජනපතිගෙන් ඉල්ලා තිබේ.
පසුගිය කැබිනට් සංශෝධනයේදී මෙම ඇමතිධුර වෙනස් කරන ලෙස ඉල්ලා තිබුණද එම වෙනස්කම් සිදු නොවීය.
කෙසේවෙතත් ඒ මහතා පවසනුයේ මේ සම්බන්ධයෙන් නැවතත් සුදුසු වේලාවක ජනපතිවරයා සමග සාකච්ඡා කරන බවයි.
COMMENTS
ඒකත් හොඳයි... එතකොට තාත්තත් ඉවත් කරන්න ඉල්ලුවොත් හොඳායිද?
ඒක හොඳයි.. එහෙම කරන්න. කැබිනට් එකෙත් තව ඕනෙ කෙනෙක්ට ඉඩ තියනවා . මෙතුමාගේ වැඩේ ඉස්සර කලේ රණසිංහ මහත්තයා ...ඊට පස්සේ මර්වින් සිල්වා මහතා.. ඒ වගේම නිශාන්ත මුතුහෙට්ටිගම මහතාත් හොඳ දායකත්වයක් දුන්නා..
චතුර මහත්තයො පොඩ්ඩකට ඔය වැඩ පස්සට දාමු නේද? දැන් මහජනතාවට උදව්කරන්න කාලය වෙන් කරන්න... ඇත්තටම ඔබතුමන්ලා මහජනතාවගේ සේවකයෝනේ..
ඇත්තටම කිල්ලොටේ හුණු තිබිලම නැද්ද?
සාගල මහත්තයා ගැන නම් දන්නේ නැහැ. හැබැයි විජයදාස රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේම කියලා තිබුණා එයා 1999දි නඩු දාල රාජිත මහත්තයාව මන්ත්‍රී තනතුරින් අයින් කෙරෙව්වා කියලා මොනවදෝ බෙහෙත් වර්ගයක් ගෙන්නපු සිද්ධියකට.... ඉතින් මේ අය එදා ඉඳලා විජයදාස මහත්තයත් එක්ක තරහලු. ඒ නිසා මේ හදන්නේ තරහ පිරිමහ ගන්නද...? අනික් අතින් එෆ්. සී. අයි. ඩි. යන්නේ නැතුව මාරුව දාන ඇමතිවරු ටික නම් කරානම් ගොඩම තමයි.
ඔබතුමාගේ තාත්තා සෞඛ්‍ය ඇමති තමයි. ඒ වුණාට, 1964 වර්ෂයට පසු ලක් ඉතිහාසයේ වාර්තාවුණු වැඩිම ඩෙංගු රොගීන් ගණන සහ ඩෙංගු මරණ ගණන වාර්තා කරමින් 2016 වසරේ ඩෙංගු රෝගීන් බොහෝගණනක් (55154 ක් පමණ) වාර්තා වෙලා තියෙනවා. ඩෙංගු මරණත් එම වසරේ වාර්තා වුණා. නමුත් මේ අවුරුද්දේ පළමු මාස තුන ඇතුළත පමණක් ඩෙංගු රෝගීන් 27 898 ක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ඩෙංගු මරණ 53 ක් වාර්තා වී තියෙනවා. ඒ අතින් බැලුවහම ඔබතුමාගේ පියතුමාත් ඇමතිකම කරන්න සුදුසු නැහැ නේද ..?
ඇයි නීතිය පිටපස්සේ පන්නනවාද? ඔය අයින් කරන්න කියන දෙන්නම නීතියේ ආධිපත්‍යය සුරකිමු කියන විෂයට සම්බන්ධයි නේද?
දත් දොස්තර මහතාගේ දැන් වත්කම කීයද?... කියලා සොයා බලන්න කියල ජනපතිගෙන් ඉල්ලන්න පුංචි හාමු මහත්තයාට බැරිද?
මේ අයව පත්කළ අයටයි, තියාගත්තු අයටයි නිසි පියවරක් නම් ගන්න වෙනවා.
කට වහගෙන ඉන්න කියලා තමයි කියන්න තියෙන්න... කරුමේ තමයි මේ රටට පඩිසන් දීලා තියෙන්නේ...
මේ යහපාලන ආණ්ඩුවේ ඉන්න යම්කිසි වැඩක් කිරීමේ හැකියාව ඇති...ඒ වගේම දූෂණයෙන් තොර, ඇත්ත කතාකරන එකම ඇමති කියන්න පුළුවන් විජේදාස මහතා....
ඩෙංගු මඬින්න බැරි අයත් අයින් කරන්න කියලා කිව්වානම් හරිනේ...
පාලකයින්ටයි, නිලියන්ටයි ඡන්දෙ දෙන්නෙ ගම්පහ දිස්ත්‍රික්කයේ විතරද?
ඉවත් කල යුතු අය අතර පොහොට්ටුවේත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, එ.ජා.ප.යේත්, අනෙකුත් පක්ෂවලත් තව 15 ක් විතර ඉන්නවා. ඕක තමයි කිව්ව අඩුම ගාන....
මීට කලිනුත් මේ සදහා මම ලීව.මම යෝජනකරන්නේ පළමුව තමුන්ගේ පිය.දෙවනුව තමුන්.කැමති නම් පල කරන්න.
"ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ" කියන්නේ ඕවට තමා ! අවුරුදු දෙකහමාරක් තිස්සේ, එකම "හොරෙක්, වංචා කාරයෙක් හෝ තක්කඩියෙක්" අල්ලා රජයේ බෝඩිමට යවලා තිබේද ? වංචා සහගතව රටින් පිටකර, විදේශ බැංකුවල තැන්පත් කරලා තිබෙනවා කියන ඩොලර්, යුරෝ, පවුම්, යෙන් ආදියෙන් සත පහක් හෝ මෙරටට ආපසු ගෙන්වා තිබේද ? මේ යහපාලන රජයේ ආයු කාලය තිබෙන්නේ තව වසර දෙකහමාරක් බව ජනපතිතුමාටත්, අගමැති තුමාටත් අමතක වී තිබෙනවා වගෙයි !!!!! ! ඊට පස්සේ උන් කරපු ඔක්කොම හොරකම් ගංවතුරට ගහන් යනවා ඇති !!!