(ඩයනා උදයංගනී)
ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් රජය විසින් ගත හැකි සහ ගත යුතු සියලූ පියවර ගනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
එවැනි දේ හදිසියේ කළ නොහැකි බව කී අමාත්‍යවරයා නියමිත ක‍්‍රමවේදය අනුව එම පියවර ගැනෙනු ඇතැයි ද සඳහන් කළේය.
තමන් විදෙස්ගතව සිටි බැවින් එම ප‍්‍රකාශය දුටුවේ මාධ්‍යවලින් බව කී අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍යවරියගේ එම ප‍්‍රකාශය රජය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ද සම්පූර්ණයෙන් ප‍්‍රතිෂේප කරන බව කීවේය.
ඇය එවැනි දෙයක් ප‍්‍රකාශ කිරීම තරයේ හෙළා දකින බව ද ඇමතිවරයා කියා සිටියේය.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද (5) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජයකලා කී දේ එක්තරා අන්දමකට සත්‍යයි, එනම් එල්ටීටීඊ කාලේ යාපනයේ එවැනි අපරාද තිබුනේ නැත. නමුත් වෙනත් අපරාද තිබුණි. එම තත්වය යටතේ විජයකලා එල්ටීටීඊ එක බලයට ගෙන ඒමට වෙර දරනවාට වඩා, යහපත් දෙමල දේශපාලන බලවේගයක් ගෙන ඒමට කටයුතු කරන්නේ නම් එය දකුණේ ඉන්න දේශපාලකයන්ට හොඳ පාඩමකි. ඒ අතරම ලෝකේ කොහෙත් රටවල සිවිල් පරාද වේ. එය දකුණටත් උතුරටත් පොදු දෙයකි. නමුත් මෙහි අමිහිරි පැතිකඩ වනුයේ එම අපරාදකාරයන්ව සමහර රජයේ බලදාරීන් විසින් ආරක්ෂා කරමින් නීතිය අවනිතියට දැමීමකි. තවද දැන් ඉතින් විජයකලාගේ ප්‍රකාශය තවත් මාස දෙකකට ආණ්ඩුව සහ අනෙක් අයට හොඳටම ඇතිය.
ඔව් ඔව් ගනීවි බලාගෙන ඉන්න.