(නිමන්ති රණසිංහ)
එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු බවට කාන්තා සහ ළමා කටයුතු හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සදහා නිතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇතැයි අපරාධ නිවාරණ කොට්ඨාසය පවසයි.
මේ සම්බන්ධයෙන් නිතිපති උපදෙස් ලබා ගැනීම සදහා රජයේ නිතීඥවරයෙකුගේ සහායක් ලබා දෙන්නැයි අපරාධ නිවාරණ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පි‍්‍රයන්ත ලියනගේ මහතා ඉකුත් (09) වැනිදා නිතිපතිවරයාට ලිපියක් යොමුකොට ඇති බවද සදහන් වෙයි.
යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැති රාජ්‍ය උත්සවයකදී කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් ජාතීන් අතර අසමගිය අතිවන ආකාරයෙන් මෙම ප‍්‍රකාශය සිදුකර තිබුනේ ඉකුත් 02 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවනේ රටේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය
මොනවාද මේ කරන විහිළු. විජයකලා කල කී දෑ වැරදි බව තව මොනවට හොයනවද. මන්ත්‍රීකම අරගෙන පාර්ලිමේන්තුවට ආවේ දිවුරුම් නොදීද? මෙයාව මන්ත්‍රීකමෙන් ඉවත් කොට සුදුසු දඬුවම්ද දිය යුතුය.
අර හාමුදුරුවන්ව හිරේ දන්නා තිබුන හදිස්සිය මේකට නැනේ. දැන්නම් අපිට තේරෙනවා නීතිය කොහොමද, කොහාටද නවෙන්නේ කියලා. ඔහොම ගියොත් අපිට ජාතියක් විදියට නැවිලම තමයි ඉන්න වෙන්නේ..