IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


විජයකලාගෙන් ප්‍රකාශයක් ගන්න රහස් පොලිසියට නියෝග

තරිඳු ජයවර්ධන සහ සිතුම් චතුරංග

ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ ස්විස් කුමාර් ගම්වාසීන් විසින් විදුලිකනුවක බඳිනු ලැබ සිටිය දී පොලිසියට භාර නොදී මුදා හැරියේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන විමර්ශන ආරම්භ කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා   රහස් පොලිසියට නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේ දැනට රිමාන්ඩ් බාරයේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතාගේ නීතීඥවරුන් අධිකරණයේ කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගිනිමිනි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා  අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහුගේ නීතීඥවරු ඒ ගැන අධිකරණයේ අවධානයට යොමු කළහ.

විද්‍යා ඝාතන නඩුවේ නව වැනි විත්තිකරු වන මහාලිංගම් ශෂී කුමාර් හෙවත් ස්විස් කුමාර් ගම්වාසීන් විසින් අල්ලා විදුලි කණුවක බඳිනු ලැබ තිබිය දී රාජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන් මහත්මිය පැමිණ ඔහු බේරාගෙන ගොස් ඇතැයි ද, ලලිත් ජයසිංහ මහතා ගැන විමර්ශන පවත්වන රහස් පොලිසිය ඇය ගැන විමර්ශනය කර නැතැයි ද ලලිත් ජයසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අධිකරණයට දැන්වූහ. එම සිදුවීමට අදාල වීඩියෝපටයක් ද නීතීඥවරු අධිකරණයට ඉදිරිපත් කළහ.   

කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා ගම්වාසීන් විසින් විදුලි කණුවක බඳිනු ලැබ සිටි ස්විස් කුමාර් බේරාගෙන මුදා හැරීම ගැන රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහිව ඇති චෝදනා ගැන විමර්ශනය කරන ලෙසත්, ඇගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙසත් රහස් පොලිසියට නියෝග කළේය. එමෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ හිටපු පීඨාධිපති තමිල් මාරන් මහතා සැකකරු ගැන තොරතුරු දැන ගත් ආකාරය ගැන ද විමර්ශනය කරන ලෙස නියෝග කළේය.

 



අදහස් (14)

විජයකලාගෙන් ප්‍රකාශයක් ගන්න රහස් පොලිසියට නියෝග

ෂංඉඳියා Wednesday, 26 July 2017 06:47 PM

ඔන්න ඉතිං ෂංඉඳියාවට බාදා කොරනව!

:       1036       598

prasad Wednesday, 26 July 2017 09:05 PM

ඉස්සර මර්වින් කියල කෙනෙක් මිනිස්සු ගස් බැන්දා. දැන් මේ උන්දැ ගස් වලින් ලිහාගෙන යනවා. දෙකම එකයි.දෙලොවටම වැඩක් නැති පුද්ගලයෝ වුනත් පන්දම් බලෙන් දිවි රැකගන්න කට්ටිය.

:       1       177

sachith Thursday, 27 July 2017 03:03 AM

හරි, නඩුවේ කටයුතු අවසානයි.... පවු අර අහිංසක ළමය, තව මේ වගේ අහිංසක ජීවිත කීයක් බිලිගත්තත් දේශපලන්ඝයෝ තමාගේ හෙන්චයියන්ව බේරාගන්නවා.

:       0       191

kithsiri Thursday, 27 July 2017 03:08 AM

ලංකාවෙනෙ. දේශපාලකයෝනේ. තමන්ට සහයෝගය දෙනවනම් ඕන තක්කඩියෙකුට රැකවරණය දෙනවනේ.

:       1       190

Helaya Thursday, 27 July 2017 03:53 AM

ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ??????... දුෂකයාගේ පැත්තේ ?????

:       1       262

vipula Thursday, 27 July 2017 04:25 AM

මේවගේ දේශපාලකයෝ ප්‍රතික්ෂේප කිරීම ජනතාවට බාරයි

:       0       137

දිලුම් Thursday, 27 July 2017 05:36 AM

තමන්ගේ ඇමැතිකමේ නමවත්, ඒකේ තේරුමවත් දන්නේ නෑ වගේ..

:       0       10

Ras Thursday, 27 July 2017 06:07 AM

දැන් ඉතින් ලලිත් මහත්තයා නිදහස්.

:       1       6

srimala Thursday, 27 July 2017 08:13 AM

අපේ අය නම් හරිම මනාපයි.

:       2       1

de silva Thursday, 27 July 2017 02:00 PM

මේ වගේ අය ආරක්ෂා කරන කාන්තාවන්ට මනාපේ ගහන අනුවණ මිනිස්සුත් උතුරේ ඉන්නවනේ !!!

:       0       1

chris Friday, 28 July 2017 10:59 PM

දමිල ජාතියත් අපි වගේම තමය් . නීතියට ගරුකරන මනුස්සකම දන්නකෙනා තරාතිරම නොබලා වැදලා සමාවෙන්න කියනවා .දේසපාලනය කරන එකා මිනීමරුවව බේරගන ගිහිල්ල තව එකෙක් මරපන් කියනවා . ඕක තමය් අපේ රටේ හැටි .සිංහල ,දෙමල කියල නැහැ .අබ සරනයි ශ්‍රී ලංකා

:       0       0

chandradeva Saturday, 29 July 2017 08:18 AM

විජයකලාට ජනපතිතුමා හරි රාජ්‍ය ඇමැතිකමක් දීලා තියෙනවා...

:       0       0

sanju Saturday, 29 July 2017 09:00 AM

මෙයා ළමා කටයුතු ඇමතිනී විදිහට කරපු දෙයක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ. පින් සිද්ද වෙනවා.

:       0       0

de silva Sunday, 30 July 2017 09:52 PM

බාලවයස්කාර දැරියන් දුෂණය කරන මිනිසුන් ආරක්ෂා කරන ළමා සහ කාන්තාකටයුතු භාර නියෝජ්‍ය ඇමැතිවරියට විරුධව දෝෂාභියෝගයක් ගෙන එන්න කවුරුවත් නැතිද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1420 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1297 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 468 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site