(රොමේෂ් මධුෂංඛ)
උතුරු නැගෙනහිර පළාත්හි යුද සමයේදී අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් මේ වන විට ආරම්භ කොට ඇති සත්‍යග්‍රහයන්ට වත්මන් රජයෙන් විසඳුමක් නොලැබීම නිසා එලඹෙන 27 වැනි දා ඔවුන්ට සහය වීමක් වශයෙන් උතුරු නැගෙනහිර පළාත්හි පූරණ හර්තාලයක් සිදු කිරීමට දෙමළ ජනතා සභාව පියවර ගෙන ඇත.
උතුරු මහඇමති සී.වී.විග්නේස්වරන් සභාපතීත්වය දරන දෙමළ ජනතා සභාව විසින් මෙම හර්තාලය සංවිධානය කරන ලද අතර මේ වන විටත් උතුරු නැගෙනහිර පිහිටි සියලු වෙළඳසැල් හා පෞද්ගලික ආයතනයන් වෙතට හර්තාලයට සහය වන මෙන් දැනුම් දී ඇත.
උතුරු නැගෙනහිර පලාත්හි දිස්ත්‍රීක්ක කිහිපයක මේ වන විට අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් මාස දෙකකට වැඩි කාලයක් සිය අතුරුදන් වූවන් වෙනුවෙන් විසඳුම් ලබාදෙන ලෙසට ඉල්ලා සිටියද මෙතෙක් වත්මන් ආණ්ඩුව විසින් මෙම ගැටලුවට විසඳුමක් ලබා නොදීම නිසා පූර්ණ හර්තාලයක් සිදු කිරීම සඳහා සහය වන්නයි උතුරු නැනෙහිර වෙළඳ සංගම් වෙතට දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරු ජනතාව නැවතත් මඩ ගොඩට ඇදදැමීමට වලිකන හැටි ...?
රටේ මේ ටික විතරයි අඩු ඉතුරු ටිකත් කාලා දාන්න.
පලාත් සභා අහෝසිකරලා මෙයාලාව පැන්ෂන් යවන්න මේ රට එකීයව ගොඩනගන්න ඕනා නම්.
මම දන්නේ නැහැ ඡන්ද පොරොන්දු. ඒ වුනාට මෙයාල මස් රාත්තලම ඉල්ලනවා.
අඩු වෙලා තිබ්බේ මෙච්චරයි
මේකත් අර පනස්ගනන්වල අවසාන බාගයේ වෙච්ච හරතාලය වගේද? යාපනේ රෝහලේ හෙදියන්ව දුෂණය කරලා සමහරෙක්ගේ සරීර අවයව පවා කපාදාපු ම්ලේච්චා ක්‍රියාවක් වගේ වෙය්ද දන්නේ නෑ.
අතුරුදහන් වෙච්ච උන් ගැන ප්‍රභාකරන්ගෙන් හරි උන්ට උදව් කරපු බටහිර රටවල් වලින් ඇහුව නම් හරි. හරි උත්තරේ දැන ගන්න පුළුවන්. විග්නේස්වරන් හරියට ඔඩු දුවපු තුවාලයක් තියන හිගන්නෙක් වගේ තුවාලේ හොද කරගන්නෙත් නැහැ හිගමන නවත්තන්නෙත් නැහැ.