IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


විග්නේෂ්වරන් උතුරට එක්සත් ජාතීන්ගේ කාර්යාලයක් ඉල්ලයි

(එෆ්.අස්ලම්)

යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් මෙන්ම අතුරුදන් වූවන් සොයා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උප කාර්යාලයක් උතුරේ ස්ථාපිත කළ යුතු බවත් ඒ ආකාරයේ යාන්ත්‍රණයක්  තුළින් යුක්තිය ඉටුකළ යුතු බවත් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පැවසීය.

ජිනීවා යෝජනාව මෙන්ම යුද අපරාධ විමර්ශනයද අභියෝගයට ලක්කරමින් ශ්‍රිලංකා රජය කටයුතු කරන බවත් මෙතුළින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ කීර්තිනාමයට විශාල හානියක් සිදුවන බවත් ශ්‍රීලංකා රජයට යලිත් කිසිදු කාල දිගුවක් නොදිය යුතු බවත් විග්නේෂ්වරන් මහතා අවධාරණය කළහ.

අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් අතුරුදහන් වූවන්ට යුක්තිය ඉල්ලා අද (25) කිලිනොච්චියේදී  කළ විරෝධතාවට  තමිල් මක්කල් කූට්ටනි පක්ෂයේ සහාය පලකරමින් එක්ව අදහස් දක්වමින්විග්නේෂ්වරන් මහතා මේ බව අවධාරණය කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විග්නේෂ්වරන් මහතා මෙසේද කීය.

‘යුද්ධයේදී අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් සිදුකරන මේ විරෝධතාවට පූර්ණ සහාය ලබා දෙන්න තමයි මම අද මෙතනට ආවේ.උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාව එකට එක්වෙලා අද සිදුකරන හර්තාල් ව්‍යාපාරය එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් මුළුමහත් ජාත්‍යන්තරයටත් අවබෝධ වෙලා ඇති.එක්සත් ජාතීන්ගේ සංවිධානය අපගේ ජනතාවගේ වේදනාවන් තේරුම් අරන් අප්‍රමාදව කටයුතු කරන්න ඕන.මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කරගත් යෝජනාව ක්‍රියාත්මක කිරීම සදහා ශ්‍රීලංකාවට තවදුරටත් කාලය ලබාදුන්නා කියන්නේ මානව හිමිකම් කවුන්සිලය තමන්වම රවටා ගැනීම හා සමාන ක්‍රියාවක්.

යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් ඇතුළුව මානව හිමිකම් කවුන්සිල යෝජනාවේ නිර්දේශ බොහෝ ක්‍රියාත්මක නොකරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබියෙදී මේ යෝජනාව ක්‍රියාත්මක කිරීම සදහා තවත් කාලයක් ලබාදෙන්නේ කුමකටද කියා ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා කල්පනා කළයුතුයි.

මේ නිසා තමයි ශ්‍රීලංකාවේ සිදුවු මේ සිද්ධීන් ගැන ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් ස්ථාපිත කර විමර්ශනය කළ යුතුයි කියල අප අවධාරණය කරන්නේ.නොඑසේ නම් ජාත්‍යනන්තර නීතිරිති වලට අනුකූල  යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරල එහි විමර්ශනය කිරීමේ වගකීම මානව හිමිකම් කවුන්සිලය අතටම ගතයුතුයි.තමිල් මක්කල් කූට්ටනි නැමති අප පක්ෂය ගත් එම තීරණය යෝජනාවක් වශයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාට ලිඛිතව යොමුකර සිටියා.

ඒ වගේම අඛණ්ඩව සිදුවෙමින් පවතින මානව හිමිකම් කඩවීම් නැවතීමේ විකල්පයක් වශයෙන්  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ උප කාර්යාලයක් උතුරු නැගෙනහිර පළාත් කේන්ද්‍රගත කරමින් ස්ථාපිත කරන්න නිටපා අප ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

අවසන් යුද සමයේදී ශ්‍රීලංකාවේ ආරක්ෂක හමුදාව විසින් සිදුකරන ලද මානව හිමිකම් කඩවීම් හා ජන සංහාර සම්බන්ධයෙන් සාක්ෂි අපමණ තිබියෙදී ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම අභියෝගයට ලක්කරමින් ශ්‍රිලංකා රජය කටයුතු කිරීම තුළින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කීර්තියට හානි වන බවද පෙන්වා දුන්නා.

අවසන් යුද්ධයේදී දහස් ගණනක් ජනතාව ඝාතනයට ලක්කරන අවස්ථාවේදී ඔවුනව ආරක්ෂා කරගැනීම සදහා කටයුතු නොකල ජාත්‍යන්තරය යුද්ධයෙන් පසු වගවීම හා යුක්තිය ශ්‍රීලංකා රජය විසින් ඉටුකරයි කියල විශ්වාස කිරිමෙන් අපගේ ජනතාව තව තවත් රැවටීමට ලක්වුනා.

වගවීම හා යුක්තිය සම්බන්ධයෙන් ශ්‍රීලංකා රජයට බලකරල 2015වසරේදී සම්මත කරගත් යෝජනාවට එක්සත් ජාතින්ගේ සංවිධානයත් ජාත්‍යන්තර රටවලුත් අනවශ්‍ය විදිහට එකගතාව පලකර සිටියා.නමුත් මේ යෝජනාව ශ්‍රීලංකා රජය ගතවූ අවුරුදු හතර පුරාම දූෂනයට ලක්කර තිබෙනවා.එකක් තමයි අතුරුදහන් වූවන් සෙවීම වෙනුවෙන් ස්ථාපිත කළ කාර්යාලය අකර්මන්‍ය විම.පෙරාතුවම එහි ක්‍රියාකාරීත්වය යුද අපරාධ වසං කරන ආකාරයටයි පැවතියේ.මේ නිසා තමයි අගතියට පත් ජනතාව අතුරුදහන් වූවන්ට යුක්තිය ඉටුකරන්න කියල බලකරල මේ විරෝධතා කරන්නේ.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කලේ නැහැ.අපගේ ඉඩම් තවමත් ආරක්ෂක හමුදාව බාරයේ.යුද්ධයෙන් පීඩාවට පත්වුන අප ජනතාවගේ නිවාස හෝ තවම හදල දීල නැහැ.මේ වැරදි සියල්ල අමතක කරමින් කටයුතු කරනවා.යුද්ධයේදී සිදුවුන මේ සිද්ධීන් ගැන විමර්ශන කිසිවක් අවශ්‍ය නැහැ කියල අගමැතිවරයා ප්‍රකාශ කරනවා.අගමැතිවරයාගේ මේ ප්‍රකාශයෙන් දෙමළ ජනතාවගේ සිත් කැලඹීමක් ඇතිවෙලා.ශ්‍රීලංකා රජය ගැන තිබුනු අවිශ්වාසය තවත් වැඩි වෙලා තිබෙනවා.

මෙනිසා ශ්‍රීලංකා රජයට ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කරනවා වෙනුවට යුද අපරාධ විමර්ශනය සිදුකිරීමට කිසිදු කාලයක් ලබා නොදිය යුතුයි.උතුරු නැගෙනහිර පළාත්වල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයක් පිහිටුවා ඒ සම්බන්ධයෙන් පියවරක් ගතයුතුයි යැයිද හිටපු මහ ඇමතිවරයා කීය.



අදහස් (8)

විග්නේෂ්වරන් උතුරට එක්සත් ජාතීන්ගේ කාර්යාලයක් ඉල්ලයි

ravi Monday, 25 February 2019 12:31 PM

මේක.. අසනීපයක්...! ඇත දිගහැරලා කනේ පහරක් දුන්නා නම්... මේක හොඳකරගන්න පුළුවන් කියලා.. මම අහලා තියනවා.

:       0       489

Nishantha Monday, 25 February 2019 01:36 PM

අපරාදෙ ඒ දවස්වලනේ ඔබතුමා යහපාලනේ ඔබතුමා ජපානයේ කාර්යාලයක් දාගෙන තිබ්බේ...

:       0       84

sandy123 Monday, 25 February 2019 02:21 PM

මම නම් හිතන්නේ මදන කුලප්පුව කියලා. අනිත් අයව කුලප්පු කරන්න දඟලන්නේ ඒ නිසා වෙන්න ඇති.

:       0       61

Bandara Monday, 25 February 2019 09:54 PM

ඊටපස්සේ තව එකයි අඩු

:       1       4

අනුපිය Tuesday, 26 February 2019 01:19 AM

දකුණේ උපන් කොළඹ සිටින මෙයාගේ ඥාතියත් කියන්නේ ඔය වගේ කථාමයි

:       3       5

charles Tuesday, 26 February 2019 01:31 AM

ඡන්දයක් ළඟ ළඟ එන හින්ද මෙයා ඕවා කියන්නේ. මෙයාට වැඩක් නැහැ දෙමල මිනිසුන්ට මොනවා වුනත්

:       0       19

fazal Tuesday, 26 February 2019 05:15 AM

වහාම මොහුගේ ප්‍රජා උරුමය අහෝසි කරන්න.

:       0       7

දිලුම් Tuesday, 26 February 2019 08:59 AM

මේ අය කරන්නේ මේ අයගේ බඩ වියත රැක ගන්න දෙමළ මිනිහ බිල්ලට දෙන එක. දෙමල මිනිහව අවුස්සා අවුස්සා මේ අය හැමදාම රජ වෙනවා. දෙමළ මිනිහගේ සුභසාධනයට කරන දෙයක් නෑ. ඒ ඔක්කොම කරන්නේ ලංකා ආණ්ඩුවෙන්. මේ අය කරන්නේ ඇද කියවන එක විතරයි. මේවා තේරුම් ගන්න දෙමළ මිනිහටත් මොලයක් නෑ ජාතිවාදයෙන් අන්ධ කරලා. අනික මං හොදටම දන්න ආයෝජකයෙක් කියපු කථාවක් තමයි දෙමළ ඩයස්පෝරාව යාපනේට සංවර්ධන ව්‍යාපෘති යනවට කැමති නෑ කියන එක. ඒ මිනිසුන්ට ඕන උතුර හැමදාම අඩු පහසුකම් යටතේ තියා ගන්න. හිඟන්නන්ගෙ තුවාලෙ වාගේ ඒක වවාගෙන කනවා. උතුර සංවර්ධනය උනොත් ඒ අයට එන ආධාර නවතින නිසා කැමති නෑ ඒකට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site