උතුරු පළාත්  හිටපු ප්‍රධාන අමාත්‍ය සහ  හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු  වු  සී වී විග්නේෂ්වරන් මහතා අධිකරණයට අපහාස කළැයි  කියන චෝදනාව සම්බන්ධයෙන් අධිකරණයේ ගොනු කර ඇති නඩුව ලබන 21 වැනිදා  යළි කැඳවීමට අද (15) ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

එම නඩුව අද  අභියාචනාධිකරණ විනිසුරු කුමුදුනි වික්‍රමසිංහ මහත්මිය හමුවේ විභාගයට ගැනිනි.

අභියාචනාධිකරණ තීන්දුවක් ක‍්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විග්නේෂ්වරන් මහතාට චෝදනා එල්ල වී තිබේ.

උතුරු පළාත් හිටපු ධීවර අමාත්‍ය  බී.ඩෙනිෂ්වරන් මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූණි.