( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොල )
අභියාචනාධිකරණ තීන්දුවක් ක‍්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සහ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වූ සී.වී. විග්නේශ්වරන් මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල සම්බන්ධ මුලික විරෝධතාව පිළිබද නියෝගය ප‍්‍රකාශයට පත් කිරීම ලබන පෙබරවාරි 13 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (31) නියම කරන ලදී.
පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා හමුවේ කැඳවූ අතර එම නියෝගය ප‍්‍රකාශයට පත් කිරීම එදින කල් තබන බව විනිසුරුවරයා නිවේදනය කළේය.
උතුරු පළාත් මහ ඇමැතිවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් උතුරු පළාත් හිටපු අමාත්‍යවරයකු වන එස්.ඩෙනීෂ්වරන් මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.
උතුරු පළාත් සභාවේ ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බී.ඩෙනිෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට එරෙහිව ඒ මහතා විසින් මීට පෙර අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබිණි.
එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය ඒ මහතා නැවත අමාත්‍ය තනතුරේ පිහිටුවන මෙන් උතුරු පළාත් මහ ඇමැතිට එරෙහිව ඉකුත් වසරේ ජුනි 29 වැනිදා අතුරු නියෝගයක් නිකුත් කළේය.
උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඊ.කන ඊශ්වරන් මහතා අධිකරණය හමුවේ දන්වා සිටියේ මෙම චෝදනාව පවත්වාගෙන යාමට මෙම අධිකරණයට බලයක් නොමැති බවට මූලික විරෝධයක් ඉදිරිපත් කළේය.
ඒ අනුව එම මූලික විරෝධතාවය පිළිගන්නේද නැත්ද යන්න පිළිබඳ නියෝගය පිළිබඳ තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම මෙදිනට කල් තැබිණි.
උතුරු පළාත් මහ ඇමැති වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඊ .කන ඊශ්වරන්ද , උතුරු පළාත් අමාත්‍ය බී.ඩෙනීෂ්වරන් වෙනුවෙන් නීතීඥ සුරේන් ප‍්‍රනාන්දු මහතාද පෙනී සිටියහ.
2025 නොවැම්බර් මස 04
444
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2203
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විග්නේශ්වරන්ට එරෙහි පැමිණිල්ලේ විරෝධතාව පිළිබද නියෝගය කල්යයි