රංජන් කස්තුරි
රජයේ රෝහල්වල සේවය කරන විකිරණ විද්‍යා තාක්ෂණවේදීහු අනිද්දා (15) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර සිටිති.
නිලධාරී හිඟයට විසඳුම් ලබාගැනීම , අමතර සේවා ගෙවීම් සම්බණ්ධයෙන් ඇතිවී තිබෙන ගැටලුවලට විසඳුම් ලබා ගැනීම , විකිරණ ප්‍රතිකාර නිලධාරීන්ගේ රාජකාරී භෞතිකඥවරුන් විසින් අත්පත් කරගැනීම නතර කිරීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කරන බවද රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා පැවසීය.
ඒ අනුව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් හෙට සිට වාට්ටු රෝගීන් වෙත ගොස් සිඳු කරන පරීක්ෂණවලින් වැළකී සිටින බවද ඈපා මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd