(ක.ග.කරුණාරත්න සහ ඉන්දික අරුණ කුමාර)
ගොවීන්ට නොමිලේ දීමට රසායනික පොහොර පිට රටින් ගෙන්වනවා නම් ඊට පිටුපසින් වකුගඩු නැව්ද ගෙන්වන එක හොඳයැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද(07) ප‍්‍රකාශ කළේය.
ලෝක සෞඛ්‍යය සංවිධානය පර්යේෂණ විශ්ව විද්‍යාල පර්යේෂණ අංශ කරන ලද සියළු පර්යේෂණ වලින් ඔවුන් ප‍්‍රකාශ කර ඇත්තේ රසායනික පොහොර,කෘෂි රසායන වකුගඩු රෝගයට මුල්වීතිබෙන බව යැයි ජනාධිපතිවරයා කීය.
ගොවි ආර්ථිකය ශක්තිමත් කළයුතුයැයිද,සහනාධාර දියයුතු බවද එහෙත් පොහොර නොමිළයේ දීම හොඳ වැඩක් නොවේ යැයිද ජනාධිපතිවරයා කීවේය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළකලේ කළුගඟ ජලාශයේ දියවර මංගල්‍යය සහ අඹන නව නගරය ජනතා අයිතියට පවරාදීම නිමිත්තෙන් එහි පැවැති උත්සවයක් අමතමිනි.
දුප්පත් ගොවියා නඟා සිටුවීම අවශ්‍ය බව සඳහන් කල ජනාධිපතිවරයා පොහොර නොමිළයේ ලබාදිම තුලින් වකුගඩු රෝගීන් වැඩිවිම සිදුවන හෙයින් එය කිසිසේත්ම සුදුසු දෙයක් නොවන බවද කීවේය.




(ඡායාරූප - ඉන්දික අරුණ කුමාර)

(ඡායාරූපය - ක.ග.කරුණාරත්න)
COMMENTS
අපි හැමවිටම බැන්නත් කිව්ව දේ අපි හැමට මසුරන් සේ වැදගත්ය.
දැන් ඉතින් කොළඹ 7 මන්දිරයක් භුක්තියට පවරා ගත්තනේ. දැන් ඉතින් දිගට හරහට දෙන එකයි ඇත්තේ.
එතුමා නිවැරදි ය. අවශ්‍ය වී සඳහා වැඩි මිලකි. සහල් මිල වැඩි නම් දුප්පතුන්ට පමණක් වැඩි මිල වෙනුවෙන් සුළු සහනාධාරයක්.
පොහොර සහනාධාරය නොදී හිටියොත් කියාවි පොහොර නොමැති නිසා ගොවියා දිවි නහගෙන කියලා, දුන්නොත් කියාවි ඒවා ශරීරයට හිතකර නැහැ කියලා.
ඕක ජනාධිපතිට තේරුනු එක කොච්චර වටිනවද?
අවු.71 ක් දේශපාලකයන්ගේ සුරංගනා කතා අපි අසා ඇත්තෙමු. ඒවා අහලා ජනතාව බොහෝ කැමැත්තෙන් සිහින දකියි. ඒ අතර මෙතුමාගේ සුරංගනා කතාවකුත් අසන්නට ලැබුණි. ගුවන්තොටුපොලවල් වසා දුෂිතයන් හිරේ දමන බවක් අපි ඇසුවෙමු. ඒ සිහිනය සැබෑ වුනේ ඒ දුෂිතයන් අතරින්ම කෙනෙක් රජ වීමකිනි. අවසාන වශයෙන් හෝ මෙතුමා යම් සත්‍යක් තේරැම් ගෙන තිබීම සතුටට කරුණකි.
ලංකාවේ ගොවියන් අවශ්‍ය ප්‍රමාණයට වඩා පොහොර යොදන වගනම් ඇත්ත. ඒ නිසා වකුගඩු රෝග වැඩිවී ඇතිබව කියන එක තේරුමක් නැහැ. ඒ ආකාරයෙන් වකුගඩු රෝගය ඇතිවෙන වග ඔප්පුවී නැත. පොහොර පාවිචිය අඩුකරන්න ඕනෙ නම් පොහොර ඉසින යන්ත්‍ර හදුන්වා දිය යුතුයි. වකුගඩු රෝගයට මුල් පිරෙන අධික රුධිර පීඩනය ගැන අවධානය යොමු කළොත් තමා හොඳ. ලංකාවේ කවුරුවත් අධික රුධිර පීඩනය ගැන හෝ අධික ලේ සීනි ගැන ගණනකට ගන්නෙ නැත. පොහොරට වැඩිය ඉහත සඳහන් හේතු නිසා වකුගඩු අක්‍රීය වෙනවා.
එතකොට ජනාධිපති පොහොර සල්ලි වලට දුන්නොත් වකුගඩු නැව් ගෙන්වන්න වෙන්නේ නැද්ද? ඔය ඔබ වක්‍රව කියන්නේ ලංකාවේ කුඹුරු කෙරිල්ල අත්හැරලා දාලා පිටරටින් සහල් ගෙනෙමු කියලා නේද?
ගොවීන්ට නොමිලේ දීමට රසායනික පොහොර පිට රටින් ගෙන්වනවා නම් ඊට පිටුපසින් වකුගඩු නැව්ද ගෙන්වන එක හොඳයැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (07) ප‍්‍රකාශ කළාලු. ගොවීන්ට මුදලට රසායනික පොහොර පිට රටින් ගෙන්වනවා දුන්නොත් ඊට පිටුපසින් වකුගඩු නැව් ගෙන්වන්න වෙන්නේ නැද්ද?