(හර්ෂණ තුෂාර සිල්වා)
කොළඹ නගරය ලොව ජීවත්වීමට සුදුසු නගර ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන හයකින් පහළට වැටී ඇත.
ඒ අනුව ලොව නගර 140ක් අතරින් ශ්‍රී ලංකාවේ කොළඹ නගරයට හිමිව ඇත්තේ 130 වැනි ස්ථානයයි.
ලොව ප්‍රමුඛතම සඟරාවක් වන ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව අයත් ‘ඉකොනොමිස්ට්’ ව්‍යාපාර සමූහයේ ‘ඉකොනොමිස්ට් ඉන්ටෙලිජන්ස් යුනිට්’ ඒකකය වාර්ෂිකව මෙම සමීක්ෂණය සිදු කරයි.
මෙම ලැයිස්තුව සැකසීමේදී සෑම වසරකදීම නගර 140ක් සලකා බැලෙයි. එහිදි ජීවන තත්ත්ව, අපරාධ, ප්‍රවාහනය, යටිතල පහසුකම්, අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ප්‍රවේශවීම මෙන්ම දේශපාලන හා ආර්ථික ස්ථාවරභාවය යන සාධක සලකා බලමින් ලකුණු ලබා දීමක් කරයි. එහිදි ලකුණු 100න් එම ලකුණු දීම කරයි.
ඉකුත් මාර්තු මාසයේ දී රජය විසින් පනවන ලද හදිසි නීතිය, සිංහල බෞද්ධ සහ දෙමළ, මුස්ලිම් යන ප්‍රජා අතර ඇති වූ ගැටුම් කොළඹ නගරයේ කලබලකාරී තත්ත්වයක් ඇති වීමට හේතු වූ බවත් ශ්‍රේණිගත කිරීම් සඳහන් කරමින් නිකුත් කළ වාර්තාවේ දැක්වේ. එමෙන්ම සමස්ථයක් දෙස බැලීමේදී එම සිදුවීම් හා වෙනස්කම් කොළඹ නගරයේ ස්ථාවරත්වයට බලපෑම් එල්ල කළ බව ද එහි දැක්වේ.
යහපත් වර්ධනයක් පෙන්නුම් කරමින් ශ්‍රී ලංකාවේ කොළඹ 2017 වසරේදී එම ශ්‍රේණිගත කිරීම්හි 124 වැනි ස්ථානය පැමිණීමට සමත්වූ විය. වසර 2017 දක්වා වසර පහක කාලයක් සැලකීමේදී කොළඹ නගරය සියයට 2.5ක වර්ධනයක් පෙන්නුම් කර තිබිණි.
ඉන්දියාවේ නවදිල්ලි නගරය මෙම ශ්‍රේණිගත කිරීම්වල 112 වැනි ස්ථානයටත්, නේපාලයේ කත්මණ්ඩු නගරය 129 වැනි ස්ථානයටත්, පාකිස්තානයේ කරච්චි නගරය 137 වැනි ස්ථානයටත්, බංග්ලාදේශයේ ඩකා නගරය 139ටත් පත්ව තිබේ.
මෙම ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථානය දිනාගැනීමට ඔස්ට්‍රියාවේ වියානා නගරය සමත්ව තිබෙන අතර ඔස්ට්‍රියාවේ මෙල්බර්න් දෙවැනි තැනටත් ජපානයේ ඔසාකා නගරය තෙවැනි තැනටත් පත්ව ඇත.
COMMENTS
අප්‍රිකානු රටවලුත් අපිට වැඩ ඉස්සරහින් වගේ.. ඉතින් රට දල යන එක පුදුමයක් ද.. අයියෝ සාලේ.....
දැනට තියෙන හැමදෙයක්ම වෙනස් කරන්නේ නැතුව අපේ හමේ පාට සුදු කලානම් රේටින් එක 100 ට වත් එනවා.
හොරකම, කුහකකම, ඉරිසියාව, බෙලිකපිලි, නැතිව සුදුස්සාට ( creative ) සුදුසු තැන දුන්නොත් ලංකාව ඉදිරියට ගැනීමට අපහසු නැත.
තව එකක් පහලට බැස්සම කොලබ ජීවත් වෙන්න නුසුදුසුම නගර 10 ට එන්න පුළුවන්. එතකොට කොහමද ගැම්ම.
එතකොට ලෝකේ උතුම් රට 130වෙනියා.
දැන් මුළු රටම ජීවත්වීමට සුදුසු පරිසරයක නෙමෙයි තියෙන්නේ. හැමතැනකම එතනෝල් , කුඩු සහ ගංජා. ඡන්ද දිනන්න රටට ලබල දුන් දායාදවල්. අද තරුණයෙක් හොයාගන්න බැහැ රටට පලදායි , පිස්සු විකාරයෙන් ඉන්නේ. බලය තියාගන්න කරපු සෙත තමයි ඕක. දැන් වැඩි මනාප ගන්නෙත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෝ ටිකයි.
අපිත් එක්ක වැඩකරන ඉන්දියන් අය කියනවා නවදිල්ලියත් එක්ක බලනකොට කොළඹ සුරපුරයක් කියලා. නමුත් ශ්‍රේණිගත කිරීමට අනුව අපි නරකයි.
ලස්සනට හැදීගෙන ආපු කොලඹ කාල දැම්මම මෙහෙම වෙන එක අහන්න දෙයක් ද ඇති 130වත් හම්බ උනා. හදල දුන්න දේ පවත්වගෙන යන්න බැරි බූරුවො ඉන්න රටක් මේක.
වැරදියි වැරදියි, මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ. නෑ ඒක පට්ට ගහපු න්‍යායක්, කවුරුවත් පිළිගන්නේ නෑ. ඒ හින්ද අපි කියමු අපි අභ්‍යන්තරවත් ජාත්‍යන්තරවත් නොබැඳි, මධ්‍යස්ත රටක්, ඒ හින්ද අපි හිතා මතාම හොඳම සහ නරකම කියන අන්ත දෙකටම නොවැටී ඉන්න තීරණය කළා කියල.
"" හිටපු හැටියට .. මලා මදැයි ... කියන්නේ මේවට .. !