(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයට කැඳවා සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ජනපතිවරණ සමයේ දී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කහවත්තේ මැතිවරණ වේදිකාවක් අසල වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලීගේ නම බී වාර්තාවට ඇතුළත් නොකරන්නැයි ඉහළ පොලිස් නිලධාරීන්ට බලපෑම් කිරීම යන චෝදනාවට සැකපිට ඔහු එසේ අත්අඩංගුවට ගනු ලැබ සිටී.
මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ මෙවන් ද සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් පරීක්ෂණ සිදු කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන යනකොට පොලිසියේ ලොකු ලොක්කෝ මොනතරම් අපරාධ කරලා තියෙනවද? ඔය විදිහට එළිවෙන්නේ කීයෙන් කීයද? දේශපාලුවන්ට වැඳගෙන ඉඳල සේරම අපරාධ වහගන්නවා. දැනුත් මේ ආණ්ඩුවේ ඉන්න ඇමතියෙක් පුවත්පත් සාකච්ඡා තියපු හැටි අපට මතකයි.
දැන් මෙවැනි පුද්ගලයන් කල යුත්තේ තමන්හට අණදුන් අයව හෙළිකර තමන්ගේ ජාම බේරාගැනීමයි.
ඕනෑම පොලිස් නිලධාරියෙක් තවත් පහළ නිලයකට ඕනෑම කරුණක් සම්බන්ධව නියෝගයක් නිකුත් කරනවා නම් එය ලිඛිතව කලයුතු බවට නීතියක් ගෙන ආ යුතුයි. ලිඛිතව නොදෙන කිසිම නියෝගයක් පිළිපැදීම තහනම් කල යුතුයි. එසේනම් පොලිසි වලින් සිදුවන නීතිය කණපිට පෙරලීම සහ අසාධාරණකම් බොහෝ දුරට වළක්වා විනිවිද භාවයකින් යුක්ත පොලිස් සේවයක් ගෙන ආ හැකිය. දේශපාලකයින් සහ අනෙකුත් බලවත් පුද්ගලයින්ගේ අනවශ්‍ය මැදිහත්වීම් වලින් තොරව හිතට එකඟව රැකියාව බොහොම සුරක්ෂිතව හෘද සාක්ෂියට එකඟව අවංක පොලිස් නිලධාරීන්ට කරගෙන යාමට හැකිවේවි. පොලිස්පති තුමා, සාගල ඇමති සහ පොලිස් කොමිසම මෙම කරුණ සම්බන්ධව අවධානය යොමු කරත්වා!!!
එන පොට හොඳ නැහැ මල්ලි. සිල්රෙදි බෙදිල්ලට නියෝග දුන් හැටි හෙළි වෙනකොට බෙදපු අය හිරේ ගිහින් නේද? හොඳ මල්ලි වගේ මතක නැහැ කියන්නේ නැතිව, ඔයාටත් වාචිකව නියෝග දීපු කෙනා කවුද කියන්නකෝ, එතකොට ඔයා ගොඩ. නැතිනම් ඉතින් ඔයාටත් වෙන්නේ ජොබ් එකටයි, පැන්ෂන් එකටයි කෙලවාගෙන, පවුලත් අනාථ කරගෙන මහ උළු ගෙදර ජනෙල් කූරු ගැන ගැන ඉන්න එක තමයි.
රජ්ජුරුවන්ගෙන් ලකුණු දාගන්න කරපු වැඩ. නැතිනම් අර වගෙ කෙනෙක් බේරගන්න වැඩ කරයිද?
මේ සෑම නිලධාරියෙක්ම කොහොමටත් බොහෝ සේවාවන් සපයාගත හැකි ජංගම දුරකතන පාවිච්චි කරන සහ කළ උදවියයි. ලිඛිතව නියෝග දෙන්න කල් මදි බව හෝ ඉහළින්, පහළට වාචිකව නියෝගදීම සම්ප්‍රදායයක් බව හෝ නිදහසට කරුණු වශයෙන් දැක්වෙන අවස්ථා ඇත. වාචිකව දෙන නියෝග කෙලින්ම මුහුණට හෝ දුරකථන මගින් දෙන ඒවාය. එවැනි නියෝග තමන්ගේ ගැලවිල්ලට ලොග් සටහනක් වශයෙන් තැබීම හෝ තම ජංගම දුරකතනයේ වොයිස් රෙකෝඩින් හැටියට තබාගන්නවා නම් මෙවැනි අවස්ථාවලදී ගැලවිල්ලක් තිබෙනවා නේද? දේශපාලකයන්ගේ ඕනෑ එපාකම් ඉෂ්ට කරන්න ගියාම ඔහොම කොටුවෙන බව දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි...
පොලීසිය විතරක් නෙමෙයි, මුළු රාජ්‍ය සේවයම දේශපාලනීකරණය වෙලා හුඟක් කල්. ඔය කියන තැන ඔබ හිටියත් සමහරවිට ඔබ වුණත් ඔය ඉහළ නියෝග පිළිපදින්න ඉඩ තිබුණා... මොකද මේ සිස්ටම් එකම දැන් කුණුවෙලා ඉවරයි. මේක මේ කපේදී හැදෙන පාටක් නැහැ. හදන කෙනෙකුත් නැහැ. අපේ දූ දරුවෝ නම් මෙහෙ තියන්න හිතන්නේ වත් නැහැ... ඒක මගේ පුද්ගලික අදහස...
සකල සිරින් පිරි සිරි ලංකාවේ මේ කපේදී නිතිය, යුක්තිය ඉටු වෙයි කියල හිතන්නවත් බැහැ. මේ පරීක්ෂණ වලින් සිදු වෙන්නෙත් එම වියදම් අහිංසක ජනතාවගෙන් අය වීම පමණයි. තවත් එකම බලාපොරොත්තුවේ බින්දුවක් ඉතිරියි. ජනතා විමුක්ති පෙරමුණ. මගේ අදහස.