(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයට කැඳවා සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ජනපතිවරණ සමයේ දී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කහවත්තේ මැතිවරණ වේදිකාවක් අසල වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලීගේ නම බී වාර්තාවට ඇතුළත් නොකරන්නැයි ඉහළ පොලිස් නිලධාරීන්ට බලපෑම් කිරීම යන චෝදනාවට සැකපිට ඔහු එසේ අත්අඩංගුවට ගනු ලැබ සිටී.

මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ මෙවන් ද සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් පරීක්ෂණ සිදු කෙරිණි.