
( තිළිණි ද සිල්වා )
මාසයකට පෙර ලෙබනනයේ බීරූට් වරායේ සිදුවූ දැවැන්ත පිපිරීමෙන් තුවාල ලැබූ තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු පිළිබඳ වාර්තා වී ඇති බවත් ඒ අනුව එම පිපිරුමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 22 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනී ශානි කළ්‍යාණරත්න මහත්මිය අද (31) පැවසුවාය.
එම පිපිරුමෙන් තුවාල ලබා සිටින බවට වාර්තා වූ දෙදෙනාගෙන් එක් අයෙකුගේ හිස තුවාල වී ඇති අතර අනෙක් ශ්‍රී ලාංකිකයාගේ පාදයක අස්ථි බිඳී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනිය වැඩිදුරටත් කියා සිටියාය.
හිසෙහි තුවාල සිදු වූ ලාංකිකයා එරට කාර්යාලයක පවිත්‍රා අංශයේ රැකියා කරන අතර අනෙක් ලාංකිකයා ගෘහ සේවය නිරත අයෙක් බවද බව තානාපතිනිය සඳහන් කළාය.ඔවුන් සම්බන්ධයෙන් සොයා බලා මේ වනවිට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද ඇය වැඩිදුරටත් කීවාය.
අදාළ පිපිරුමෙන් තුවලා වූ බවට මීට පෙර තහවුරු වූ ලාංකිකියන් 20 දෙනොගේ තත්ත්වය යහපත් තත්ත්වයේ පසුවන බවද ශ්‍රී ලංකා තානාපතිනිය පැවසුවාය.
ලෙබනනයේ මේ වනවිට ශ්‍රී ලාංකික ශ්‍රමික පිරිස 25 000 කට ආසන්න පිරිසක් රැඳී සිටිති.
වසර 06 කට ආසන්න කාලයක් බීරූට් වරායේ ගබඩා කර තිබූ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඉකුත් අගෝස්තු 04 වැනිදා පුපුරා යෑමෙන් 800 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් 3000 කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.තවද එම පිපිරුමෙන් දේපළ රැසකටද හානි සිදුවිණි.
2025 නොවැම්බර් මස 21
83
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
176
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1037
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ලෙබනනයේ පිපිරීමෙන් තුවාල ලැබූ තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් ගැන වාර්තා වෙයි