IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ලෙබනනයට ආධාර සොයන්න ජාත්‍යන්තර සමුළුවක්

බේරූට් වරායේ සිදු වූ දැවැන්ත පිපිරීමෙන් දරුණු අර්බුදයකට මුහුණ පා සිටින ලෙබනනයට ආධාර සෙවීම සඳහා ජාත්‍යන්තර සමුළුවක් අද (9) විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.

ප්‍රංශ ජනාධිපති මැනුවෙල් මැක්රෝන් එහි ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ද ඊට හිමි වේ.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, යුරෝපා සංගමයේ නායකයන් සහ චීනය, රුසියාව, ජෝර්දානය යන රටවල නායකයන් ද ඊට සහභාගී වීමට නියමිතව ඇත.

ප්‍රංශ ජනාධිපතිවරයා පසුගිය සතියේ බ්‍රහස්පතින්දා ලෙබනනයේ බේරූට් අගනුවර සංචාරයක නිරත විය. බේරූට් වරායේ සිදු වූ පිපිරීමෙන් පසු ලෙබනනයේ සංචාරයක නිරත වූ පළමු ලෝක නායකයා වූයේ ද ප්‍රංශ ජනාධිපති මැනුවෙල් මැක්රෝන් ය. ප්‍රංශ ජනාධිපතිවරයා ලෙබනන නායකයන්ට අනතුරු ඇඟවීමක් ද කර ඇත. ලෙබනනයට මේ අවස්ථාවේදී ආධාර ලබා දෙන්නේ රටේ අර්බුද විසඳා ගැනීමටත් රට තුළ වෙනසක් ඇති කිරීමටත් යැයි ප්‍රංශ ජනාධිපතිවරයා එහිදි අවධාරණය කළේය.

ලෙබනන වරායේ ගබඩා කර තිබූ ඇමෝනියම් නයිට්‍රේට් තොගයකට ගිනි ඇවිළීමෙන් මෙම මහා පිපිරුම සිදු වූ අතර පිපිරීමෙන් වරාය පමණක් නොව ලෙබනන අගනුවර අඩකට වැඩි ප්‍රමාණයක් විනාශයට පත්විය. ඇමෝනියම් නයිට්‍රේට් තොගය වරායේ ගබඩා කර තිබීම සහ ඉන් සිදුවිය හැකි දැවැන්ත අනතුර සම්බන්ධයෙන් නිලධාරීන් හොඳින් දැන සිටි බවත් නොසැලකිල්ල හේතුවෙන් පිපිරීම සිදු වූ බවත් මේ වනවිට අනාවරණය වී තිබේ.

පිපිරීව වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ලෙබනනයේ පාලක පන්තියට එරෙහිව එරට ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. ලෙබනන ජනතාව දැඩි කෝපයෙන් පසුවෙති. රට තුළ පවතින වංචා හා දූෂණ සම්බන්ධයෙන් මෙන්ම ගජමිතුරු පාලනය සම්බන්ධයෙන් ද නැවත කතාබහක් ඇති වී තිබේ. සිය හිතමිතුරන්, ඥාතීන් රටේ ඉහළ පෙළේ තනතුරුවලට පත් කිරීම සහ ඉහවහා ගොස් තිබෙන දූෂණයට එරෙහිව ද රට තුළ මේ වනවිට දැඩි විරෝධයක් ගොඩනැගෙමින් තිබේ.

ඒ.එෆ්.පී.

055

 

 



අදහස් (2)

ලෙබනනයට ආධාර සොයන්න ජාත්‍යන්තර සමුළුවක්

Asarana Kolla Sunday, 09 August 2020 02:28 PM

නියමයි... හොඳ නායකත්වයක්... හොඳ මුලපිරීමක්...

:       0       0

ප්‍රසන්න Monday, 10 August 2020 08:09 AM

මේකේ භාණ්ඩාගාරික තනතුරට අපි බැසිල් තුමාව යෝජනා කරමු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 518 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 476 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site