සම්පත් ජයලාල්
තලවාකැලේ ලිඳුල නගරාධිපති අශෝක සේපාල මහතා ඇතුළු සිව්දෙනෙකු තලවාකැලේ ප‍්‍රදේශයේ දී නුවරඑළිය මුලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් පිරිස අතර තලවකැලේ ලිඳුල නගර සභාවේ නාගරික මන්ත‍්‍රී ඉෂාර අනුරුද්ධ මංචනායක යන අයද වෙති.
ආගරපතන, ග්ලේන්ලේන් වත්තේ පදිංචිව සිටි ගෞරි සසිකලා හා ඇයගේ පස් හැවිරිදි දියණිය වු ජෙගදීස්වරන් යදුර්ශනා නැමති දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
පොලිස් පරික්ෂණ වලදි අදාළ දැරිය සැකකරුවන්ගේ අනු දැනුම මත පිටස්තර යුවලකට හදා වඩා ගැනීමට ලබාදී ඇති බව හෙළිදරව් විය.
සැකකරුවන් සිව්දෙනා පැහැර ගැනීම හා මිනිස් ජාවාරම් යන චෝදනා යටතේ ඉන් එක් සැකකරුවෙකු ස්ත‍්‍රි දුෂණය යටතේ ද අද (4) නුවරඑළිය මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
තමන් කරන වැරදි ගැන තමා වගකිවයුතු නැති බව සිතීමට දේශපාලකයින් තුල ආසාවක් තිබේ.
වැරදි කරලා කවම දාකවත් බේරෙන්න බැහැ, ගොඩක් අය සුදු රෙද්දෙන් වහගෙන කරන්නේ හිතන්නවත් බැරි අපත ක්‍රියා.
උල තියන්න ඕනේ... එහෙමත් නැත්නම් කිතුල් ගහේ බඳින්න ඕනේ... සාමාන්‍ය දඬුවමක්වත් ලැබෙන්නේ නැහැ. දේශපාලනය ගෑවිලා තියන නිසා. නීතිය ගැන සාමාන්‍ය ජනයාට විශ්වාසයක් නැහැ... දැන් දේශපාලන අතකොළුවක් නිසා... මුදලට යටවෙලා සියලුම දේවල් මිනිස්කමත් සමගම. ඉතින් කවර කතාද? අහෝ දුකකි. දුක ළඟ බස් නැවතුම්පලකි.