බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වූවන්ට ගෞරව කළ සෞදි අරාබි පාපන්දු ක්‍රීඩකයකු කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන්ගෙන් හුදකලා වූ පුවතක් වාර්තා විය.
ලෝක පාපන්දු කුසලානය සඳහා තෝරාගැනීම් සඳහා පැවැති තරගයකදී අංක 7 පැළැඳ සිටින සල්මන් අල් ෆරාජ් නැමැති ක්‍රීඩකයා ලන්ඩන් ප්‍රහාරයට ගොදුරුවූවන්ට කනගාටුව පළ කිරීමටත් ගෞරව කිරීමටත් පැවැත්වූ මිනිත්තුවක් නිශ්ශබ්දතාවට එක්විය. ඔහු අත් පිටුපසට තබමින් එම ක්‍රියාවට එක් වුවද ඔහුගේ කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයෝ එම ක්‍රියාව නොසලකා හරමින් ඔවුන්ගේ ස්ථාන වෙත ගියහ.
තරග ආරම්භයට පෙර ලන්ඩන් ප්‍රහාරයට ගොදුරුවූවන්ට ශෝකය පළ කිරීමටත් ඔවුන්ට ගෞරව කිරීමටත් විනාඩියක නිශ්ශබ්දතාවක් ප්‍රකාශයට පත් කර තිබූ අතර සල්මන් අල් ෆරාජ් හැර අනෙකුත් සෞදි ක්‍රීඩකයෝ එම ක්‍රියාවට ඇනුම් පද කියමින් එම අවස්ථාවට එක් නොවූහ. එය සෞදි සම්ප්‍රදායට අනුකූල නොවන බව සෞදි පාපන්දු කණ්ඩායමේ නිලධාරීන් ද ප්‍රකාශ කර තිබිණි. සෞදි පාපන්දු කණ්ඩායමේ සහ එම නිලධාරීන්ගේ ක්‍රියාව ලොව බොහෝ දෙනකුගේ විවේචනයට ලක්විය.
ප්‍රේක්ෂකයන්ගේ විරෝධයත් සමඟ සෞදි පාපන්දු කණ්ඩායමේ නායක ඔසාමා හව්සාවි සල්මන් අල් ෆරාජ් අනුගමනය කරන්නැයි කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන්ට ඉඟි කළ බව පසුව වාර්තා විය.
කෙසේ නමුත් තරගය නැරැඹීමට පැමිණි සෞදි ප්‍රේක්ෂකයන් ද ලන්ඩන් ප්‍රහාරයට ගොදුරුවූවන්ට ගෞරව නොදැක්වූ බව ද වාර්තා විය.
සෞදි පාපන්දු කණ්ඩායමේ සහ එහි නිලධාරීන්ගේ ක්‍රියාව සම්බන්ධයෙන් එල්ල වූ දැඩි විවේචනය හේතුවෙන් පසුව සෞදි අරාබි පාපන්දු සම්මේලනය නිවේදනයක් නිකුත් කළ අතර සිදුවීම සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශන කරන බවත් සමාව ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කළේය.
ඬේලිමේල් ඇසුරිනි - 055



COMMENTS
මේ සිද්ධියට පසුදා (සිකුරාදා) මුළු දවසම වාගේ ඕස්ට්‍රේලියානු රේඩියෝ වල මේ සිද්ධිය සහ ක්‍රීඩාවට නොගැලපෙන සිද්ධීන් ගැන කතා කළා. අවාසනාවට අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ඕස්ට්‍රේලියානුවන්ට අතට අත දීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියකුත් කිහිප විටකදීම කියවුණා...
මේ මොන ජාතියක්ද? මේව තමයි රටේ, ලෝකේ වෙන්නේ...
කවුරු හරි ලන්ඩනයේ මිනීමැරුම අගේ කරනවා නම් එයාලා කාටද උදවු කරන්නේ?
සල්මන් අල් ෆරාජ්ට මගේ ආචාරය.!!!
ක්‍රීඩාව කියන්නේ මොකක්ද? එහි අරුත මොකක්ද? කියලා දන්නේ නැතිද මොවුන්?.
සෞදි සම්ප්‍රදාය මිනිසා තවත් මිනිසෙකුට ගරු නොකිරීමය. සැ.යු . නවතම විද්‍යාත්මක අනාවැකි වලට අනුව තවත් වසර 50කින් පමණ මැද පෙරදිග මිනිස් වාසයට නුසුදුසු මට්ටමට කාලගුණ විපර්යාස නිසා පත්වේ. එවිට මෙම සම්ප්‍රදායන්ට අත්වන ඉරණම අප සැමට හිතාගත හැක.
අශීලාචාරකම ආඩම්බර වීමට කාරණාවක් නෙවෙයි. සෞදියටත්, ලංකාවටත්, ඇමෙරිකාවටත්, එංගලන්තෙටත් එ්ක අදාලයි.
සල්මන් අල් ෆරාජ්..... ඔබ නම් විශිෂ්ටයෙක්...
මම සෞදි රට හරහා කිසිම දිනක යන්නේ නැහැ.
දිවි පිදු ලාංකික සෙබළුන්ටද, දේශපාලකයින්ටද යුරෝපයේ කිසිවෙක් ගරු නොකරයි..
ඕක තමයි ඇත්ත... බොහෝ මුස්ලිම් මිනිස්සු ඔය ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියා අනුමත කරනවා. මොකද එය තමා ඔවුන්ගේ දර්ශනය, ඉගැන්වීම සහ ආගම .... මේ සියල්ලම...
සෞදියේ සම්ප්‍රදායය මිනිසුන් මරාදැමීම මිසක්... මියගිය මිනිසෙකුට ගරු කිරීම නොවේ.
තුන්කාලේ වැඩ ඕවා ...!!! තව ඉස්සරහට මුළු ලෝකෙටම ඕවට හිස නමාගෙන ඉන්න වෙන්නේ...
කණ්ඩායමේ සියල්ලෝම මේ රටේ අභිමානය අාපහු පාරක් ප්‍රසිද්ධියේ පෙන්නලා තියෙනවා. සල්ලි තිබ්බට මොලේ නැතිකම තමා හේතුව ....