(ෂෙහාන් චාමික සිල්වා)

සිය වත්කම් බැරකම් ප්‍රකාශ නොකළැයි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද(5) වරද පිළිගත්තේය.

ඔහු සභාපති ලෙස කටයුතු කළ 2005 සහ 2007 වසරවල සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ හෙළි නොකළැයි ඔහුට එරෙහිව නඩු පවරා තිබූ අතර වරද පිළිගත් සරණ ගුණවර්ධනට  දඬුවම් නියම කිරීම ජූලි 20 වැනිදාට කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය.

එසේම වරද පිළගැනීම හේතුවෙන් ඔහුගේ ඇඟිලි සලකුණු වාර්තාවක් ලබාගන්නා ලෙසද අධිකරණය නියම කළේය.