IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලංගම ප්‍රධාන විධායක නිලධාරීවරයා ඉල්ලා අස්වෙයි

(නිමල කොඩිතුවක්කු)

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී සාගර වඩුගේ මහතා අද (25)  සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

වඩුගේ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා වෙත භාරදි ඇති අතර එහි පිටපත් ජනාධිපතිවරයා , ප්‍රවාහන අමාතයවරයා ඇතුලු නිලධාරීන් වෙත යොමුකර ඇත.

සාගර වඩුගේ මහතා වසර 20 කට වැඩිකාලයක් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවය කර ඇති කීර්තිමත් නිලධාරියෙකි.

සාගර වඩුගේ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය අද (25) දිනයේ තමන් වෙත බාරදුන් බව මේ  සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසීමකදී ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය.

එමෙන්ම මේ සම්බන්ධයෙන් තමන් විෂය භාර අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා දැනුවත් කළ බවද ලංගම සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (3)

ලංගම ප්‍රධාන විධායක නිලධාරීවරයා ඉල්ලා අස්වෙයි

සජීව Friday, 25 September 2020 05:37 PM

සාගර වඩුගේ මහතා ශ්‍රී ලංගම තුළ සිටින ආයතනයට ආදරය කරන අවංක නිලධාරියෙක්. මෙම ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව අතිශය ශෝචනීයයි. කලාතුරකින් රාජ්‍ය ආයතනයක දක්නට ලැබෙන මෙවැනි ආයතනික හිතෛෂී නිලධාරින් විෂයභාර අමාත්‍යවරුන් විසින් නිසි පරිදි හඳුනා නොගැනීම තවත් ශෝචනීයයි.

:       2       46

Perera Friday, 25 September 2020 07:28 PM

කියත් මගේ අයගෙන් කැපිල්ලක්වත් ආවාවත්ද?

:       2       11

ජයන්ත Saturday, 26 September 2020 01:43 AM

මෙයට වසර 15 කට පෙර ඒ මහතා අම්බලන්තොට ඩිපෝ කළමනාකාර ලෙස කටයුතු කළ කාලයේ අම්බලන්තොට ප්‍රදේශයේ ජනතාවට විශේෂයෙන් පාසල් ළමුන් ඇතුළු ග්‍රාමීය ජනතාවට යහපත් ප්‍රවාහන සේවයක් ලබාදීමට දිවා රෑ නොබලා කටයුතු කළා. එවකට අම්බලන්තොට ඩිපෝව දකුණු පළාතේ හොඳම ඩිපෝව බවට ගෙනඒමට මෙතුමාට හැකිවුණා. ප්‍රදේශයේ දුෂ්කර මාර්ගයක බස් රථයක් හේතුවෙන් ප්‍රවාහන ගැටළුවක් ඇති වුවහොත් නැවත එම ගැටළුව ඇති නොවන ආකාරයෙන් එයට අවශ්‍ය විසඳුම ලබා දීමට කටයුතු කළ දක්ෂ නිලධාරියෙකු ලෙස අප ප්‍රදේශයේ ජනතාව අතර ඒ මහතා ප්‍රශංසාවට ලක්වුණා.

:       1       35

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site