ඩ්‍රෝන බෝම්බ යොදා ගනිමින් රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය විනාශ කරන බවට අයි.එස් හෙවත් ඉස්ලාමික් ස්ටේට් සංවිධානය අනතුරු අඟවා තිබේ.
ඉරාකය සහ සිරියාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන අයි.එස් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තිබේ. අයි.එස් සංවිධානය මීට පෙර ද අවස්ථා කිහිපයකදීම ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ප්‍රහාර එල්ල කරන බවට අනතුරු ඇඟවීය.
අයි.එස් සංවිධානය මෙවර අනතුරු ඇඟවීම කරන ලද්දේ විඩියෝ දර්ශන කිහිපයක් අනතර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කරමිනි. පා පන්දු තරගාවලියේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගන විනාශ වන අයුරු එම විඩියෝවල දැක්වේ. ලෝක කුසලාන පා පන්දු තරගාවලිය පෙරේදා (14) ආරම්භ වුණු අතර එය මොස්කව්, ශාන්ත පීටර්ස්බර්ග්, සෝචි, කලිනියන්ග්‍රාද්, නිෂ්නි නොව්ගොරෝද් ඇතුළු නගර කිහිපයක ක්‍රීඩාංගන 12 ක පැවැත්වෙයි.
ඬේලිමේල් ඇසුරිනි
- 055


COMMENTS
පුටින්ගෙන් හොඳ කෑමක් ඉල්ලනවා නේද?
ඔය වගේ දෙයක් කරන්න ඔය කියන තරම්ම ලේසි නැහැ. කිලෝ 10-15 ක බෝම්බයක් උස්සගෙන පියාසර කරන්න පුළුවන් විදිහේ ද්‍රෝන යානා සාමාන්‍ය වෙළඳපලේ මිලදී ගැනීමට නැත. සාමාන්‍යයෙන් ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ලකරනවා නම් එය කරන ආකාරය සහ ස්ථානය කලින් ප්‍රකාශ කරන්නේ නැත. මෙය හුදෙක් නරඹන්න බිය කර ඔවුන් පාපන්දු තරග නොබලන්න යන විදිහට වැඩ සලසන්න කරන උපක්‍රමයක් ලෙස මම මෙය දකිමි.
"මුල්ලා වියෝවෙන් හද ගිනිගත් සේය" " මරණය තොපට මෙන් අනිකට දුක දේය " " මේ බව නොදත් තොප ලෝකෙට ගිනි දේය " " ලොව නසනා තොපද නිරතුරු වැනසේය "
රුසියානු ජනාධිපති පුටින් කියල තියෙනවා නේද රුසියාව තුළ පවතින්නේ රුසියානු නීතිය පමණක්ම බව... හෝටලේ ගැන හොයලා බලලා ඇතුළට ගියොත් හොඳයි. නැතිනම් පරිප්පුම තමා කන්න වෙන්නේ.
ඔය පාරම් බෑවට බොරු කයිය විතරයි ඩ්‍රෝන යොදාගෙන ඔහොම මහාපරිමාණ දෙයක් කරන්න බැහැ. අනික ඔය ත්‍රස්තයන්ගේ ඩ්‍රෝන හරි මොනවා හරි එනකම් පුටින් නිදාගෙන ඉඳීවි කියල හිතනවානම් එක මුලාවක් ඊනියා ත්‍රස්තයන් මතක තියාගන්න ඕන මේක ඇමෙරිකාවේ ලෝක වෙළඳ මද්‍යස්ථානය නොවන වග