IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ 5 ක මත්කුඩු සමඟ කතක් ඇතුළු තවත් අයෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
කලුතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියකු මෙහෙයවන හෙරොයින් මත්කුඩු ජාවාරමක නිරත වූ කාන්තාවක හා පුද්ගලයකු රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු පැකට් 600ක් සමඟ පානදුරේ දී අද (12) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි.


පානදුර ප්‍රදේශයට හෙරොයින් මත්කුඩු බෙදාහරින පුද්ගලයකු මත්කුඩු පැකට් තොගයක් රැගෙන පානදුර වලානට පැමිණ සිටින බවට පානදුර කොට්ඨාස දූෂණ මර්දන අංශය ලද තොරතුරක් අනුව හොරොයින් මත්කුඩු පැකට් 400ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගත් ගෙන තිබේ.


එම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී මෝදර ප්‍රදේශයේ කාන්තාවක් හෙරොයින් මත්කුඩු පැකට් ලබාදුන් බවට අනාවරණය වූ බව පොලිසිය පවසයි.


තවත් මත්කුඩු පැකට් 400ක ඇණවුමක් ලැබී තිබෙන බවට සැකකරු ලවා එම කාන්තාවට දුරකථන ඇමතුමක් ලබා දී ඉන් පසු මත්කුඩු පැකට් 200ක් පමණ පානදුර නගරයට සවස හය පමණ විට රැගෙන එන බවට දැනුම් දී තිබිණි.



අදහස් (0)

ලක්ෂ 5 ක මත්කුඩු සමඟ කතක් ඇතුළු තවත් අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site