
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ 35 කට ආසන්න වටිනා කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයෙක් දෙහිවලදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය කියයි.
සැකකරු සමඟ කේරල ගංජා කිලෝ 25 කට අධික ප්‍රමාණයක් හා ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව දෙහිවල ඉනීශියන් මාර්ගයේ හොටලයක් ආසන්නයේ දී සැකකරු කේරල ගංජා කිලෝ 12 ක ප්‍රමාණයක් මෝටර් රථයෙන් ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබියදී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීමේදී සැකකරුගේ මවගේ බොරලැස්ගමුව නිවසේ සඟවා තිබූ තවත් කේරල ගංජා කිලෝ 12 කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 45 ක පුද්ගලයෙක් බවත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා දෙහිවල පොලිසිය වෙත භාරදී ඇති බවත් පොලිසිය පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.