(අනීෂා මානගේ)
තැරැව්කරුවෙකු ලෙස පෙනී සිට රුපියල් තිස්තුන් ලක්ෂ තිස්අටදහසක වටිනාකමකින් යුත් පැන්සි වර්ගයේ මැණික්ගල් තොගයක් සඟවා ගෙන සිටි පුද්ගලයෙකු එම මැණික් ගල්තොගය සමඟ තංගල්ල විශේෂ කොට්ඨාස විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල මුස්ලිම් නලගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක් වන අයෙකි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා බේරුවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගෙන් වෙනත් අයෙකුට අලෙවිකරන මුවාවෙන් මැණික් ගෙන්වාගෙන ඒවා අලෙවි නොකර ව්‍යාපාරිකයාට මුදල් ලබා නොදී සඟවා තබාගෙන සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
මැණික් ගල් තොගයෙහි හිමිකරු මේ පිළිබදව තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාට කරන ලද පැමිණිල්ලකට අනුව පරික්ෂණ ආරම්භ කර තිබේ.
මැණික් ගල් තොගය බෝතල් දෙකක දමා සැකකරුගේ නිවසෙහි සගවා තිබියදී පොලිස් නිළධාරින් සොයාගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd