IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ 32ක රන් බඩු සොරකම ගැන පොලිස් අධිකාරීගෙන් ප්‍රශ්න කරයි

(තරිඳු ජයවර්ධන)
 
අනුරාධපුර ස්වර්ණාභරණ සාප්පුවක රුපියල් ලක්ෂ 32කට ආසන්න රන්බඩු සහ මුදල් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කිලිනොච්චිය දිස්ත්‍රික් 1 භාර පොලිස් අධිකාරී එච් සමුද්‍රජීව මහතාගෙන් අද (24) පැය 5කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළ දැනුම්දීමක් අනුව සමුද්‍රජීව මහතා අද  (24) උදේ 10ට පමණ එහි සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පෙනී සිටි අතර අද පස්වරු 3.00 පමණ වන තෙක් ඒ මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
 
අනුරාධපුරයේ සිදුවීයැයි කියන මුදල් හා රන් භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධි තුනක් ගැන පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අනාවරණය කර ගත් තොරතුරු අනුව සහ දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව   මෙම ප්‍රශ්න කිරීම සිදු කළ බව දැනගන්නට තිබේ.
 
 2017 වසරේදී සිදුවිණැයි කියන මෙම මුදල් හා රන් භාණ්ඩ පැහැර ගැනීම සිදුවූ අවස්ථාවේ   පොලිස් අධිකාරීවරයා එම ස්ථානයේ සිටි බව සැකකරුවන් ප්‍රකාශ කළ බවත්, ඒ අනුව පොලිස් අධිකාරීවරයා ගෙන්වා ඒ ගැන ප්‍රශ්න කළ බවත්, මෙම අපරාධය සම්බන්ධයෙන් තමා කිසිත් නොදන්නා බව පොලිස් අධිකාරීවරයා පැවසූ බවත් රහස් පොලිස් ආරංචි මාර්ග කියයි. අපරාධය සිදුවන අවස්ථාවේ තමා එම ස්ථානයේ සිටියේයැයි කියන කතාව අසත්‍ය බව ද පොලිස් අධිකාරීවරයා කියා තිබේ.
 
පොලිස් අධිකාරී සමුද්‍රජීව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද සේවය කර තිබේ. පාතල මර්දනය සම්බන්ධයෙන් කාලයකට පෙර නමක් දිනාගෙන සිටි ඒ මහතා 2017 වසරේ දී බස්නාහිර පළාතේ රාජකාරි කරමින් සිටියේය.
 
ස්වර්ණාභරන වෙළෙඳසලේ දොරගුලු හා සේප්පු කපා මුදල් පැහැර ගැනීම සිදුවී ඇති බවත්, මේ හා සමාන කොල්ලකෑන් කිහිපයක් ගැනම තොරතුරු අනාවරණය වෙමින් බවතින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.  මේ සම්බන්ධයෙන් තවත් කිහිප දෙනකුගෙන් ප්‍රකාශ ලබා ගැනී නියමිත බව පොලිසිය කියයි.

 



අදහස් (3)

ලක්ෂ 32ක රන් බඩු සොරකම ගැන පොලිස් අධිකාරීගෙන් ප්‍රශ්න කරයි

raawana Friday, 24 August 2018 04:30 PM

එතකොට "හිතුමතේ ජීවිතේ"නැවත අත්අඩංගුවට ගත්තෙත් රන් හොරකම් කරපු චෝදනාවකට නේද? ඒ දඬුවම මෙයාට අකැපද? තෝරුන්ට එක නීතියක්. කූනිස්සන්ට තව නීතියක් ....

:       14       55

prabha Saturday, 25 August 2018 12:34 AM

රාවන මූණු පොත නීති පොත කරගන්න එපා

:       0       27

janatha anura Sunday, 26 August 2018 05:38 AM

හිතුමතේගේ නැගණිය දූෂණය කර මරා දැමීමට වගකිව යුතු කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. ඇසින් දුටු සාක්ෂි වසන්කොට අහිංසක දැරිවිය දූෂණය කර මරා දැමීමට වගකිවයුතු කිසිවෙක් මෙතෙක් අල්ලාගැනීමට නොහැකි වී ඇත. සිද්ධියට සම්බන්ධ අයගේ පුතෙකු අද ඇමැතිවරයෙක් බව ප්‍රකාශ කිරීම නිසා වසර 12කට පෙර බොරු සිදුවීමක් යොදා අත්අඩංගුවට පත් වී ඇත. අප ජීවත් වන්නේ වැරදි රටක බව වැටහේ..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site