ක.ග කරුණාරත්න
පොලොන්නරුව, බැඳිවැව ප්‍රදේශයේ වී මෝල් හිමි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 30 ක කප්පම් මුදලක් ලබා ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු ලබන 02 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස පොලොන්නරුව මහේස්ත්‍රාත් ලුසාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය අද (26) නියෝග කළාය.
සැකකරුවන් දෙදෙනා වී මෝල් හිමි ව්‍යාපාරිකයාගේ දරුවන් පැහැරගෙන ගොස් මරා දමන බවට මරණීය තර්ජන එල්ල කර රුපියල් ලක්ෂ 30 ක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා සිටි බවට පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරිහු අධිකරණයට දැනුම් දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd