එස්.ඩී. කොඩිකාර
රුපියල් ලක්ෂ 19කට අධික වටිනාකමකින් යුත් ගබ්සා පෙති සහ ලිංගික උත්තේජන පෙති තොගයක් වැලිගම ප්‍රදේශයේ සන්නිවේදන සේවා මධ්‍යස්ථානයක සහ නිවසක සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බව කඹුරුගමුව පොලිසිය කියයි.
එම පෙති තොගය සමඟ සැකකරුවන් පස් දෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
මාතර මිරිස්ස වෙරළ ආරක්ෂක බළකාය ලබාදුන් තොරතුරක් අනුව කඹුරුගමුව පොලිස් නිලධාරීන් සහ මාතර දිස්ත්‍රික්කයේ ආහාර හා ඖෂධ අධිකාරියේ පරීක්ෂකවරුන් මෙම වැටලීම සිදු කර ඇත.
වැලිගම පාසල් කිහිපයක් අසල මෙම ඖෂධ අලෙවි කළ බවට තොරතුරු ඇතැයි පොලිසිය පවසයි.
සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වී ඇත්තේ රුපියල් 12500 ක් පමණ වටිනා ගබ්සා පෙති කාඩ් එකක් රුපියල් 20000 ට අලෙවි කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා කට කට. ජාතිවාදෙ ඇවිස්සෙයි ඔය විදිහෙ නිවුස් දාලා. නොදැක්කා වගේ ඉමු.
ගබ්සාව නතර කිරීමට නම් මවගේ නමින් උප්පැන්නය ලියාපදිංචිය දිය යුතුයි. ඒ වගේම මව්පියන් විවාහකද කියන කොටස ඉවත් කල යුතුයි.
කවුරුත් දෙන්න ඕනේ නැහැ වඳ පෙති ,සිය කැමත්තෙන්ම ගන්නවා. එතකොට වඳ වෙන්නේ මොන ජාතියද . පිස්සුනේ
යහපාලන සහජීවනය හින්ද වෙන්න ඇති නේද?