IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලක්ෂ 18 ක කේරළ ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට

( සිතුම් චතුරංග) 
                යාපනය සිට කතරගම දක්වා බස් රථයකින් රැගෙනයමින් තිබූ රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 08 යි ග‍්‍රෑම් 560 සමඟ පුද්ගලයකු වවුනියාව පුලියන්කුලම පොලිස් ස්ථානය අසලදී  අත්අඩංගුවටගත් බව පුලියංකුලම පොලිසිය පවසයි.


                පුලියන්කුලම පොලිස් නිලධාරීන් විසින්  ඊයේ (10) රාත්‍රීයේදී ක්ෂණික මාර්ග බාධක යොදා බස්රථ පරීක්ෂා කිරීමේදී සැකකරු හා කේරළ ගංජා තොගය අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.


                යාපනය සිට කොළඹ දක්වා ගමන්ගත් පෞද්ගලික බස්රථයක සැකකටයුතු ගමන්මලූ දෙකක් පරීක්ෂා කිරීමේදී කේරළ ගංජා තොගය හමුවී ඇති බව පොලිසිය පැවසීය.


                පොලිසිය පැවසූයේ සැකකරු විසින් යාපනය ප‍්‍රදේශයේ සිටින ගංජා ජාවාරම්කරුවකුගෙන් කේරළ ගංජා මිළදීගෙන කතරගම ප‍්‍රදේශයට රැගෙනයන බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණයවූ බවත්ය.


         සැකකරු කතරගම දෙටගමුව ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 51 පුද්ගලයකු වන අතර සැකකරු හා කේරළ ගංජා වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.


  පුලියංකුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරති.



අදහස් (0)

ලක්ෂ 18 ක කේරළ ගංජා සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site