ටී.කේ.ජී.කපිල
ක්‍රීඩා උපකරණයක් තුළ ඉතා සූක්ෂම ලෙස සගවා මෙරට නිදහස් මාධ්‍යවේදියකු වෙත ස්පාඤ්ඤයේ සිට එවා තිබූ හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ගුවන් බඩු පාර්සල් අංශයේ දී අද (17) රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන පුද්ගලයකු බව රේගු නිලධාරීහූ කියති.
ඔහුට ස්පාඤ්ඤයේ සිටින මිතුරෙකු විසින් ත්‍යාගයක් ලෙස රෝද සහිත පුවරුවක් (Sketeboard) එවා තිබුණී එම උපකරණය මැද කොටසේ ඉතා සූක්ෂම ලෙස මෙම හෂීස් තොගය සගවා තිබූ බව රේගු නිලධාරීහූ ප්‍රකාශ කරති.
මෙහි හෂීස් කිලෝ ග්රෑම් 01 ග්රෑම් 400 ක් සගවා තිබූ අතර ඒවායේ මුළු වටිනාකම රුපියල් ලක්ෂ 14 ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මෙම මාධ්‍යවේදීයා මෙම ත්‍යාග පාර්සලය රැගෙන යෑම සඳහා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ගුවන් භාණ්ඩ පාර්සල් අංශයට පැමිණ සිටියදී නියෝජ්‍ය රේගු අධිකාරී රුවන් කුමාර අල්විස් මහතා විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැපැල් සේවයට මත්ද්‍රව්‍ය අල්ලන්න පුරුදු කරපු සුනඛයින් අවශ්‍යයි වගේ...
රේගුව කර ඇත්තේ හොඳ වැඩක් නමුත් අල්ලන්නේ නැතුව හරි අල්ලන්නට බැරිව හරි කොපමණ මත් ද්‍රව්‍ය ලංකාවට එනවද? ලීල්.