(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැලිගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට ජපානයෙන් වාහන දෙකක් අපනයනය කිරීම සඳහා ආනයන අපනයන දෙපාර්තමේන්තුව ලබා දී තිබූ නිර්දේශය අවලංගු කරන බව පවසා එම පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ලබා ගත් එම දෙපාර්තමේන්තුවේ ආනයන අපනයන පාලකයා අද (20) පන්නිපිටිය තලවතුගොඩ ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්දසිරි මහතා පැවසීය.
පැමිණිලිකාර වැලිගම ප්‍රදේශයේ පුද්ගලයා වසර දහයක් පැරණි වාහන දෙකක් ජපානයෙන් අපනයනය කිරීම නිර්දේශයක් සඳහා ආනයන අපනයන දෙපාර්තමේන්තුවට ඉල්ලුම් පහක් යොමු කර තිබී ඇතැයි පොලිසි කියයි.
එම නිර්දේශය ඔහු වෙත ලබා දී ඇති අපනයන ආනයන පාලකයා රුපියල් ලක්ෂ දෙකක මුදල් නොදුන්නොත් එය අවලංගු කරන බව එම පුද්ගලයාට පවසා ඇතැයි පොලිසිය කියයි.
එකි මුදල සැකකාර අපනයන ආනයන පාලකයා අද (20) සිය මොටර් රථයෙන් පැමිණි වැල්ගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගෙන් ලබා ගනිද්දී අත් අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
මේ දවස්වල අල්ලස් කොමිසම ගිනිකසයා වගේ වැඩ කරන නිසා අල්ලස් කාරයෝ තක්බීර් වෙලා ඉන්නේ.
අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න මහතාට පෞද්ගලිකව මගේ ප්‍රණාමය!
පගා ගැනීම මේ නිලධාරියාගේ විනෝදාංශය වගෙයි.
ඉස්සෙලම බැලිය යුත්තේ මේ වාහන මොන වර්ගයට අයත්ද කියලා? බරටම ඉල්ලන්න ඇත්තේ වැඩි බර වාහන හින්දා වෙන්න ඇති. කොහොම උනත් " තණ්හාය ජාති සෝකෝ."
මේ රටේ රාජ්‍ය සේවය සහමුලින්ම අහෝසිකර දැම්මොත් නම් මේ අල්ලස් ගැනීම නවතී.
දැන් අල්ලස් ගන්න එක දැලි පිහියෙන් කිරි කනවා වගෙයි. ඒ නිසා අසරණ දරු පවුල අනාථ නොකරන්න වග බලාගන්න.
ලක්ෂ දෙකක් අරන් විඳින දුකක්. අඩුගානේ මිලියන 3 ක් වත් ගත්ත නම් කිසි කරදරයක් නැතුව දියවන්නාවේ සැපට ඉන්න තිබ්බා.
මේ කාලේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට බොහොම අපල කාලයක්...