ලංකාව පුරා පවතින කුඹුරු කැබලි මිලියන 02 (මහවැලි ඉඩම් හැර) ක ප්‍රමාණය නිසි ආකාරයෙන් අධි සංඛ්‍යාත චන්ද්‍රිකා ඡායාරූප යොදා ගෙන කුඹුරු නාම ලේඛනය පරිඝනක ගතකරණය හා සිතියම්කරණය කරන්නැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා කෘසි කර්ම නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
වර්ල්ඩ් වීව් ටූ ඇමරිකානු චන්ද්‍රිකාව උපයෝගී කරගෙන ඒ අනුව ගම්පහ, යාපනය හා මාතලේ දිස්ත්‍රික්කයන්හි මේ වනවිට කුඹුරු ඉඩම් සිතියම් ගත කර පරිඝනක දත්තවලට ඇතුළත් කර ඇත.
ගම්පහ චන්ද්‍රිකා තාක්ෂණය යොදාගෙන සිතියම්කරණය සඳහා රුපියල් මිලියන 05ක් වැය වී ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.
මෙතෙක් සිතියම් ගත නොවූ කුඩා ඇළ මාර්ග, පොදු කමත්, දිය උල්පත්, කෘෂි මාර්ග ද මෙමඟින් සිතියම් ගත කළ හැකි බවත්, මිනිස් ශ්‍රමය අල්ප වශයෙන් යොදා ගැනීම හා සිතියම්ගත කිරීමට වැයවන මුදල අවම වීම විශේෂත්වයක් බවද අමාත්‍යංශය පවසයි.
ගොවිජන සේවා මධ්‍යස්ථානයන්හි දැනට පවතින කුඹුරු නාමලේඛනයන් නිවැරදි සංඛ්‍යාලේඛන දත්තවලින් තොරවීම හේතුවෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පසුගිය කාලය තුළ විවිධ ගැටළුවලට මුහුණ පා ඇති හෙයින් මෙම තිරණය ගෙන තිබේ.
පසුගිය කාලයේදී ග්‍රාම නිලධාරි කොට්ඨාසවල කුඹුරුලාභීන්ගේ භූමි ප්‍රමාණය නිර්ණයේදී නිවැරදි භූමි ප්‍රමාණය සටහන් නොවීම නිසා පොහොර සහනාධාරය ලබා දීම, කුඹුරු ඉඩම් සඳහා වගා හානි ලබා දීම මෙන්ම වාර්ෂික අපේක්ෂිත අස්වැන්න පිළිබඳ වාර්තා සැකසීමට ද එල්ල වී තිබු බාධා මෙයින් මගහැරෙනු ඇතැයි කෘෂි කර්ම අමාත්‍යංශය සඳහන් කරයි.
( 36698)
2025 නොවැම්බර් මස 04
404
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2182
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1654
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලංකාවේ සියලු කුඹුරු සිතියම්ගත කර පරිගණක ගත කිරීමට උපදෙස්
ajith Thursday, 07 February 2019 05:08 AM
ඇමතිතුමනි, මේ කියන විදීයට කුඹුරු සිතියම ගතකරන්න, අවුරුදු ගණනක් ගතවේවි. විශාල මුදල් කන්දරාවක් වැය වේවි. ඒවා ඔක්කොම පැත්තකින් තියලා කුඹුරු ආශ්‍රිත ඇල මාර්ග සකස් කරන්නයි. වල් වැදිලා තිබෙන කුඹුරු එළිපෙහෙළි කරලා දෙන්නයි එම මුදල් යොදවන්න. නැතුව නිකම් බොරුවට තෝම්බු හදලා පරිගණක පුරවලා වැඩක් වෙන්නේ නැහැ. අපේ ගම්වල අක්කර සිය දහස් ගණන් කුඹුරු නිසි වාරි ක්‍රම නැති නිසා අත් හැරලා වල් වැදිලා.