IMG-LOGO

ලංකාවේ පොදුරාජ්‍ය මණ්ඩල සාමාජිකත්වය අත්හිටුවන්නැයි කොටි හිතවාදීහු ඉල්ලති

සිරාජ් හසීම්
 
ජිනීවා යෝජනාවේ නිර්දේශ මුළුමනින්ම ක්‍රියාත්මක කරන තෙක් ශ්‍රීලංකාවේ පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය අහෝසි කරන්නැයි  දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන දේශසීමා රහිත දෙමළ ඊලාම් රාජ්‍ය නැමති  කොටි හිතවාදී සංවිධානය බලකොට තිබේ.

 
එමෙන්ම ශ්‍රීලංකාව ජිනීවා යෝජනාවේ නිර්දේශ මුළුමනින්ම ක්‍රියාත්මක කිරිමට අපොහොසත් වන්නේ නම් ශ්‍රීලංකාවට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන ලෙසද මෙම සංවිධානය තවදුරටත් ඉල්ලා  තිබේ.
 
බ්‍රිතාන්‍යයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයින් වෙත සන්දේශයක් බාරදෙමින් මෙම ඉල්ලීම් සිදුකොට ඇත.
 
යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වගවී කටයුතු කරන බවට ලක් රජය විසින් ජාත්‍යන්තරය රවටා තිබෙන බවත් ජාත්‍යන්තරයේ අනුග්‍රහය මත 2015 වසරේදී සම්මත වූ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක වීමේ ප්‍රගතියක්  නොදකින බවත් ලක් රජය කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බවත් මෙහි තවදුරටත් සඳහන් කර තිබේ.
 
මෙම යෝජනාව නිසි පරිදි ක්‍රියාත්මක වී නැති හෙයින් පසුගිය 2017 වසරේ ශ්‍රීලංකාවට දෙවසරක කාල දිගුවක් ලබාදී ඇති බවත් මෙම කාලය ලබන මාර්තු මාසයෙන් අවසන් වන බවත් ශේෂ වී ඇති මේ කාලය තුළ මෙම යෝජනාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස නොකරන බවත් මෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත.



අදහස් (10)

ලංකාවේ පොදුරාජ්‍ය මණ්ඩල සාමාජිකත්වය අත්හිටුවන්නැයි කොටි හිතවාදීහු ඉල්ලති

රවින් Monday, 23 April 2018 12:49 PM

පොදුරාජ්‍ය මණ්ඩලය කියන්නේ කාගෙවත් බූදලයක් නොවේ. ඕනේ ඕනේ විදියට නටන්න ගිහිල්ල තමා එක්සත් ජාතීන්ගේ සම්මේලනයට ඔය ටික වෙලා තියෙන්නේ...

:       27       49

menna Monday, 23 April 2018 01:22 PM

කියලවත් කරගන්න බැරි වැඩක්. අන්තවාදී ලව්වා පොදුරාජ්‍ය මණ්ඩලයේ අගය වැඩි කරගන්න හදනවා. නැති අගයන් දෙන්න පුළුවන් ඔයවගේ රාජ්‍යක් දෙකඩ වුනාම. ලංකාවට ආයෙත් අන්තවාදී එපා.

:       75       65

de silva berlin Monday, 23 April 2018 01:27 PM

ඕකේ සාමාජිකත්වය තිබුනා කියල අපිට ඇති කිසිම ආර්ථික ප්‍රතිලාභයක් නොමැත, තිබෙන්නේ වියදම් පමණි, ඕක තහනම් කලත් අපට ප්‍රශ්නයක් නැත ,

:       1       162

Mahee Monday, 23 April 2018 02:51 PM

මේ යෝජනාව ඉදිරිපත් කිරීම ගැන කොටින්ට ස්තුතිය පලකරන යෝජනාවක් ඒකමතිකව සම්මත කර යවන මෙන් මං ආණ්ඩුවෙන් ඉල්ලන්න කැමතියි.

:       0       55

Sunil Monday, 23 April 2018 02:51 PM

කොටි හිතවාදීන් කියලා රටට හිතවත් දෙයක්නේ මේ කරන්න හදන්නේ. එහෙමවත් කරගන්න ඇත්නම් !

:       0       41

A.Samathasena. Monday, 23 April 2018 03:49 PM

කොටි හිතවතුන්ට ඕනඕනෑ විදිහට එම සාමාජිකත්වය අත්හිටුවන්නට බැහැ. ඒත් ඔවුන්ගේ අරමුණ වනුයේ මෙවැනි ක්‍රියාවන් තුළින් තමන්ගේ වැඩවලට විශාල ප්‍රසිද්ධියක් ලබා ගැනීමයි.

:       10       8

පිටිගල මිලානෝ Monday, 23 April 2018 08:49 PM

දියුණුව කරා යනවනම් මේවගේ කාටවත් වැඩක් නැති දිරාපත් සංවිධාන වලින් ඉල්ලා අස්වී ස්වාධීනව ලෝකය සමග ගමන් කල යුතුයි. (ඉස්සර අය වගේ ස්වාසිලන්තය පමණක් සමග නොවේ.)

:       57       0

Siraj Tuesday, 24 April 2018 03:33 AM

සංහිදියාව දෝරේ ගලන නිසා වෙන්න ඇති ඔහොම දේවල් වෙන්නෙ.

:       25       93

ලුම්බිණි Tuesday, 24 April 2018 03:43 AM

හැම දේකදිම ලංකාව ඇතුලේ ඉන්න මිනිසුන්ට වඩා ලංකාවෙන් පිට ජීවත්වෙන අයට තමයි උඩ පනින්නේ.

:       14       2

Bamunuarachchi Tuesday, 24 April 2018 08:40 AM

රටේ නායකයින් දුර්වලනම් නිවට නම් මඩේ සිටවූ ඉන්න වගේ ලෝකයා හොල්ලන හොල්ලන විදිහට වැනේනවානම් ලගින් යන අයත් තමන්ගේ පැත්තට ඉන්න නමා ගන්න බලනවාය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 65 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 275 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site